Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුඹ ආයෙමත් ඇවිත්

නුඹ ආයෙමත් ඇවිත්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“මේ මොකද?”

හැමෝම තඩි බෑග් අරන් බහින දිහා මං බලාගෙන

හිටියෙ කටත් ඇරගෙන.

“මුන් මෙහෙ පදිංචි වෙන්නම හිතන්ද ආවේ...

අනේ දේවියනෙ... මං පොඩි පොඩි වැරදි කරනවා

තමයි. ඒත් ඒකට මෙච්චර ලොකු දඬුවමක්

සැර වැඩියි නේද? ඇයි මේ අපත රැල මෙහෙ නතර

කරලා මට මගෙ ජීවිතේ කළකිරවන්න හදන්නෙ.

ඒක වැරදියි නේද...."

මම ඇහැව්වේ කෝටිම තිස් තුනක් වෙච්ච දේව

සභාවෙ මට වෙන් වුණ දෙවියො කෝටි

දාසයාමාරෙන්.

"මොකද ඊරි උඩ බලන් කරන්නේ...”

රාවි අහන්නෙ මගෙ ලඟට ඇවිත් ඒකිත්

හොඳට උඩ බලන ගමන්.

"දවල් තරු පෙනුනා... මං මේ ඒවා බලන ගමන්.."

මං කිව්වෙ මූණත් ඇද කරගෙන.

"නෑ..? ඒවා ලස්සන ද ඛං,? රෑ ඒවා වගේමද?"

ඒකි කියන්නෙ හරි උනන්දුවෙන්

ආපහු උඩ බලන ගමන්...

හැටි මේකිගෙ මූණෙ. මම කළේ ඔරවගත්ත එක.

"මට පේන්නෙ නෑනෙ බං... කෝ කොතනද? රෑ ඒවා වගේම පුංචිද..."

ඒ පාර නෙලී. අනේ ඇත්තට මට එන තරහා.

මුන් මට පාඩුවේ දුක් වෙන්නවත් දෙන්නැති හැටියක්....

"නෑ.. මහ ලොකු වෙනසක් නෑ. මමත් උබලට දවසක පෙන්නන්නම්.

"මේ වගේම තඩ් බෑග් එල්ලගෙන උබලගෙ දිහා ඇවත් එතෝට

බලාගනින්...."

ISBN
9786245558285
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නුඹ ආයෙමත් ඇවිත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.