නුඹ සුළඟ වගේ ඇවිදින්
"මෙන්න මේ දේ හොඳට අහගන්නවා.. එදාත් කිව්වා. අදත් කියනවා.. තමුසේ මගේ.. මගේ විතරයි.. මට දවසක අයිති කරගන්න බැරි නම් අර ෂෙහාන් කියන එකාටවත් තමුසෙව අයිති කරගන්න ලැබෙන්නේ නෑ. මං තමුසෙට ගොඩක් ආදරේ කරනවා ආන්‍යා.. මං පිළිගන්නවා මං ආදරේ කරන විදිය අනිත් උන්ට වඩා වෙනස් වෙන්න පුළුවන්.. ඒත් මං තමුසෙට ගොඩාක් ආදරෙයිනේ.. ඒ වගේම තමයි කවදාවත් මං තරම් ඔය කිසිම එකෙක්ට තමුසෙට ආදරේ කරන්න බැහැ.. මං ඉන්නකම් ඒකට ඉඩ දෙන්නෙත් නැහැ.. මේ ගේ ඉස්සරහා පෝරුවක් ගහනවාද..? එහෙම නැත්තන් සුදු කොඩි ගහනවාද කියන එක තමුසෙම තීරණය කරනවා.. මොකද මං දේකට ආදරේ කරනවා නම් ඒ දේ ලබාගන්න මම ඕනම එකෙක්ව මරන්න වුණත් දෙපාරක් හිතන්නේ නෑ.. ඒ කෙනා තමුසෙගේ තාත්තා වුණත් එකයි.. අර ෂෙහාන් කියන සෙප්පඩයා වුණත් එකයි..”
සංදේශ්ගේ ඇස්වල තියෙන්නේ ආදරේකට එහා ගිය උමතුවක් කියලා ආන්‍යාට එවෙලේ දැනුණා. ඒ උමතු ඇස් දෙක දැක්කාම තමන්ගේ අනාගතේ ගැන ආන්‍යාට දැනුණේ අවිනිශ්චිත ගතියක්.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.