නුඔව පමණක් සොයමි
මලක රොන්සුණු ඇහැරෙන විට හේතු නොවිමසා ඇලුම් කිරීම වසන්තයට අයිති විය හැකි ය; එහෙත් කිවිවරම හිමි කිවිඳියක ට එසේ කළ නොහැකි ය. කවිකමේ විකුමැ'ස සොබාදහමේ අපූර්වත්වය ප්රශ්න කරයි. එයින් ජනිත කවි කුසුම් නැඟුල් මිහිරියාවෙන් සහෘද සිත් ආලෝලනය කරයි. ජීවන ලාලසාව විඳීමට ඇරයුම් කරයි.
දිගැසි පබසරා කිවිඳියගේ "නුඹ ව පමණක් සොයමි" කාව්ය ගෙත්තම් පිනිවතළ අලුයමක ඇහැරුණු මල් කැකුළු සේ සහෘද සිත් හි සුපුෂ්පිත වෙයි. ඒ පැහැදුල් කවි ඇමතුම් දයාදී ගුණයෙන් පොහොසත් ය.
"අතරින් පතර වැටෙනා පෙම් බිඳු වැස්සක්
තෙමෙනා විටදී පුපුරන සිත් අග්නිස්සක්
දළුලා ඇවිත් ප්රේමය තහනම් කවියක්
හිත මිමිණුවා ළය ඉස ඉස සෙත් පිරිතක්"
සෙත් පිරිතෙන් ළය ඉසීම වූ කලී, ඇදුම්කන/ප්රේමණීය හදවතක ළය සනහන සුසුම් ලෑම ය. සඳැස/නිසඳැස මතු නොව ජන වහර හා කට වහර නිර්මාණාත්මක ගුණයෙන් පොහොසත් ව කාව්යකරණයට දිගැසි අතවැසිකරගන්නී ය. කිවිඳියකගේ විසල් හදවතක මුදු මොළොක් කවි කුසුම් එක් මිටකට කැටි කරගත් "නුඹ ව පමණක් සොයමි" ආනන්දයෙන් විසුළ ජීවිතය විඳ ගැනීමට සහෘද ඔබට කරන ඇරයුමකි.
ජනශ්රැති පර්යේෂක, කථිකාචාර්ය
මහින්ද කුමාර දළුපොත
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.