Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / නූරි - කාව්‍ය සංග්‍රහය

නූරි - කාව්‍ය සංග්‍රහය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට වෙතත්, මුද්‍රිත කවි පොතක් මගින් සිය කවි රසිකයාට පත් කරන්නට දක්වන උද්‍යෝගය කැපී පෙනෙයි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව, මේ සංකීර්ණ සමාජ ව්‍යුහය තුළ යොවුනකු කවියක් ලියන්නට කල්පනා කිරීම ම ප්‍රහර්ෂ දනවන්නකි.

ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි..

තිළිණි උත්තරා අපූරු කවි සිතැත්තියක් බව ඇගේ කවියෙන් පෙනෙයි. සම්ප්‍රදායික ඡන්දස් ආදිය අනුව ලියන්නට වැඩි උනන්දුවක් දැක්වුවද, ඇගේ නිදහස් කවි ද අපූරු නවතාවකින් යුතුව කැපී පෙනෙයි.

නව කවි සංකල්පනා ආදිය කෙරෙහි ඇය දක්වන උනන්දුව අගය කළ යුතු වෙයි. ජීවිතේ’ කවියෙහි මාතෘකාව යොදා ඇති සැටි ම මහත් අර්ථ දනවයි. මගේ පරිප්පුව, planaria වැනි කවි වල නිදහස් බව, විශේෂයෙන් ම ආකෘතික ලක්ෂණ ආදිය කැපී පෙනෙයි. ‘මේක ඇහි පිහාටුවක කතාවක්’ නැමති කවිය මා සිත් ගන්නේ ආයාසයෙන් තොරව බස ඇසිරවීම නැමති ගුණය සිහිකරමින් ය. මෙහි චීන බොහෝ කවි හෙට දවසේ බොහෝ දෙන මුවග රැව් දෙනු ඇතැයි මම විශ්වාස කරමි. ප්‍රතිභාව මූලික ව සෑම සාහිත්‍යය ප්‍රයත්නයක් ම ඔස්සේ බිහිවන තිළිණිගේ කවිය නිරන්තර අභ්‍යාස ඔස්සේ වැඩෙමින් වැවෙමින් අනාගතයේ කවි අඹර ඉහළින් ම වැජඹේවා යි යන්න අපගේ සුහද පැතුමයි.

ISBN
9786249261402
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නූරි - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.