Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / නූතන පද්‍ය කාව්‍ය සංහිතා

නූතන පද්‍ය කාව්‍ය සංහිතා

About this book

නූතන පද්‍ය කාව්‍ය සංහිතා - ප්‍රතිශෝධිත මුද්‍රණය’ පළ කිරීමෙහි ලා සම්පාදකවරයාගේ අරමුණ වූයේ නූතන කවියෙහි කැඩපතක් පාඨකයා අබිමුව තැබීම නොහොත් නූතන කවියෙහි තියුණු හරස්කඩක් නිර්මාණය කිරීම යි.

40 දශකයෙහි පටන් නූතන කවි එකතු පළ කරන්ට පුරෝගාමිවූවාහු මීමන ප්‍රේමතිලක (නවීන පද්‍ය රචනා), සාගර පළන්සූරිය (පද්‍යාවලී) වැනි ප්‍රකට කවීහු ය. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ද (නව පද්‍ය මාලා), මහාචාර්ය ආරිය රාජකරුණා (සිංහල කාව්‍ය සංග්‍රහය), මහාචාර්ය විමල් දිසානායක (නව කවි සරණිය) වැනි විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් විසින් ද කොළඹ (නව කවි සංග්‍රහය), කැලණිය (සංගෘහිත සිංහල පද්‍ය) වැනි විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශ විසින් ද කවි එකතු පළ කරන ලදි. මෙම සකලවිධ කවි එකතු හේතු කොටගෙන නූතන සිංහල කාව්‍ය මත දීප්තිමත් ආලෝක ධාරාවක් පතිත වූ බව නිරනුමාන ය.

ISBN
9786240016070
පිටු ගණන (Pages)
163
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නූතන පද්‍ය කාව්‍ය සංහිතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.