Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ඔබ ඇය සහ තවත් අය

ඔබ ඇය සහ තවත් අය

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

පුංචි දුවේ උඹෙ පා පොඩි සැලෙන විට

මගෙ හිත දුවනවා අපෙ පොඩි සන්දියට

උඹේ හපන්කම් කරළියෙ දකින විට

මගෙ ඇස් අඬනවා සතුටට හා දුකට

 

අඟුණකොළේ අපේ ගමේ ඉස්කෝලේ

මුළු ගුරු මණ්ඩලේටම දෙන්නයි උන්නේ

මුල්ගුරුතුමයි තාලෙට බෙර පද ගැසුවේ

ගුරුමෑණියන් වට කරගෙන අපි නැටුවේ

 

තරඟෙට යන්න ගිය දවසේ කලාපේ

තනියා ඇවිත් කෙරුවේ මහ විනාසේ

ගුරුගෙයි කැණිමඬල යට නැඟි විලාපේ

තවමත් රැව් නැඟෙනවා ගම පළාතේ

 

පෙර අත්බවේදී කළ පින් මදි හන්දා 

සරස්වතිය නික්මගියා අප හැර දා

සරසවි වරම් ලැබ දෝණියෙ උඹ මතු දා

සිහිනය සැබෑ කරපන් මා දුටුව එදා...

 

 

Details
ISBN
9789550980437
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔබ ඇය සහ තවත් අය

Reviews are published once a member of our team has read them.