Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඔක්තොම්බර් - රුසියානු විප්ලවයේ කතාව

ඔක්තොම්බර් - රුසියානු විප්ලවයේ කතාව

කතෘ (Author): China Mieville
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
1917 යනු වික්‍රමාන්චිත ක්‍රියා අපේක්ෂා ද්‍රෝහිකම් ඇදහිය නොහැකි අහම්බ සිදුවීම් යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග අභීත භාවය බියගුලුකම හා මුග්ධ භාවය පුසාරම වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි. එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි. එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ ශක්තියේ අඳුරු සෙවණැලිවල යුගයකි. එය මහාමාර්ග දුමිරිය මාර්ග සහ දුමිරිය පිළිබඳ යුගයකි. රුසියානු විප්ලවය ගැන අප කෙතෙක් නම් පොත් කියවා තිබේද? එසේ වුවද ඒ විවාදාත්මක සිදුවීම් පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂි එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින් ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකතාකරුවෙකුගෙන් පමණක් බලාපොරොත්තු වියහැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසයද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹී ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ දොළ දියකඳුරු අතු ගංගා එකතු කර ගනිමින් වන වදුලු තුරු වදුලු තැනි බිම් මැදින් ගල් බර මතින් ගලා යන රඟ අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප්‍රබුද්ධ ශෛලිය ද නිසාය.
ISBN
9789553309051
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔක්තොම්බර් - රුසියානු විප්ලවයේ කතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.