Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ඕෂෝ නිර්වාණ

ඕෂෝ නිර්වාණ

About this book
අරමුණු පාදාගැනීම හා ඉලක්ක පසුපස දිවයාම සම්බන්ධයෙන් මිනිසා තුළ ඇති ඇබ්බැහිකමට අනුකූලව නිර්වාණය ද හඹා යන්නට ඔවුන් පෙළඹී සිටීමේ උත්ප්‍රාසය හා බේදය පිළිබඳ භගවාත් ශ්‍රී රාජ්නිෂ් (ඕෂෝ) පළ කළ අදහස් සමුදායක් මෙහි සංගෘහිතව තිබේ. ‘නිර්වාණය’ මෙන් ම ‘නිර්වාණය’ යන වචනය ද බුදුන් වහන්සේගේ අලුත්ම සොයාගැනීමක් වන බව පෙන්වා දෙන ඕෂෝ වැඩි දුරටත් ඒ ගැන මෙසේ ද කියයි. වචනය මනෝඥයි. එය ඉතා සුවිශේෂියි. නිර්වාණයෙන් සරලවම අදහස් කරන්නේ නැවතීමයි. විරාමයයි. ඔබ නොවණු ඇති… කිසිවක්ම නොතිබෙනු ඇති…. ඉතින් බුදුන් වඩාත්ම සෘණාත්මක වචනය යොදාගත්තා…. නිර්වාණය…. එය කෙරෙන් ‘නැත’ යන තත්ත්වයකින් ඔබ කෙසේ ද උත්කෘෂ්ට භාවයක් සාදා ගන්නේ? මනුෂ්‍ය වර්ගයා ගැනත් මුනුෂ්‍යත්වයේ උමතුව, පීඩාකාරී නොසන්සුන් බව හා එහි උත්කෘෂ්ටභාවය ගැනත් බුදුන් වහන්සේ තරම් ගැඹුරින් අවබෝධ කරගත් වෙන කිසිවකු නැති බව පවසන ඕෂෝ, එහෙත් බලන්න, මිනිස් මනස එයින් (නිර්වාණය යන්නෙන්) පවා අරමුණක් අභීමතාර්ථයක් සාදාගෙන කියා ද කියයි. සරලවම නිර්වාණය යනු කිසිවක් නොමැති බව වෙනත් බිලියන ගණනින් මිනිසුන් නිර්වාණය හඹායමින් සිටින්නේ යැයි පවසන ඕෂෝ, ඔබට කෙසේ ද හිස් බව (ශූන්‍ය බව) හඹා ගිය හැකි වන්නේ කියා අලුත් ප්‍රශෟනයක් මතු කරයි. යළි යළි සිතා බලන්නට මෙන් ම, පිළිගන්නට හෝ බැහැර කරන්නටත් කිසිදු තහංචියක් ඔබට පනවන්නේ නැති මෙම බුද්ධිමය සංවාද ඔබ තුළ මෙතෙක් නිද්‍රෝපගතව සිටි සිතුවිල්ලක් අවදිකරවන කෙනිත්තීමක් වීමට ද පුළුවන.
ISBN
9789557832739
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඕෂෝ නිර්වාණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.