පහන් සිතින් සරන්න

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
pahan-sithin-saranna-napoleon-hill-gamini-kumara-wijesooriya

ගාමිණී කුමාර විතානයන් සත්ව විද්‍යාඥයෙකු වශයෙන් මෙන්ම සාහිත්‍යඥයෙකු වශයෙන්ද, සමාජයට සිද්ධ කල සම්ප්‍රදානය ප්‍රශස්ථය. මක් නිසාද යත්, එය මිනිසුන්ගේ ඥාණමය හා භාවමය යන උභය පක්ෂයම සශ්‍රීක කිරීම ඒකායන පරමාර්ථය කොට ගත්තක් හෙයිනි.

ගාමිණී කුමාර විතානයන්ගේ සත්ව විද්‍යා ශික්ෂණයන්ගේත්, තත් ක්ෂේත්‍රයෙහි ලා, ඔහු ලත් පර්යේෂණ පරිචයේත් අග්‍ර ඵලය වූ කලී, ශ්‍රී දළදා කරඬුව වැඩම වූ, රාජා හස්තියාගේ මිය ගිය සිරුර රසායනික සංරක්ෂණය කරමින් ඔහු විසින් නිර්මිත විස්මයාවහ අනුරුවයි. ගාමිණී කුමාර විතානයන් විසින් රචිත ග්‍රන්ථ සම්භාරය මනෝවිද්‍යාව, අපදාන සාහිත්‍යය, යෞවනය, පරිසර විද්‍යාව, මානව සංවර්ධනය යන ක්ෂේත්‍ර පංචකයෙක්හිම විහිද පැතිරුණකි. ඔහුගේ බාහුශ්‍රැත්‍යයට එය සාක්ෂාත් සාධකයෙකි.

පරිවර්තන කාරියෙහිද, හසලයෙක් වූ, ගාමිණී අතින් සිංහල සාහිත්‍යයට දායාද වී ඇති පරිවර්තන ග්‍රන්ථයෝ මිනිස් සිත් සතන් එකලු කරන දීපශිඛාවලියක් සදෘශ්‍යයහ. ඔහුගේ මෙම අභිනව පරිවර්තන කෘතිය ද, එවැනිම දීපශිඛාවක් වනු නොඅනුමානය. සන්නිවේදන කාර්යයේදී ගාමිණී කුමාර විතානයන් ප්‍රකට කරන වශ්‍යවචෝභාවය වූ කලී එක්තරා අරාබි පිරුලකට ප්‍රත්‍යක්ෂ සාධකයක් වැන්න.

Author ගාමිණි කුමාර විතාන - Gamini Kumara Vithana (11), Napoleon Hill (5)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (517)
More Information
ISBN 9786245664948
පිටු ගණන 264
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පහන් සිතින් සරන්න
Back to Top