Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පහන් සිතින් සරන්න
About this book

ගාමිණී කුමාර විතානයන් සත්ව විද්‍යාඥයෙකු වශයෙන් මෙන්ම සාහිත්‍යඥයෙකු වශයෙන්ද, සමාජයට සිද්ධ කල සම්ප්‍රදානය ප්‍රශස්ථය. මක් නිසාද යත්, එය මිනිසුන්ගේ ඥාණමය හා භාවමය යන උභය පක්ෂයම සශ්‍රීක කිරීම ඒකායන පරමාර්ථය කොට ගත්තක් හෙයිනි.

ගාමිණී කුමාර විතානයන්ගේ සත්ව විද්‍යා ශික්ෂණයන්ගේත්, තත් ක්ෂේත්‍රයෙහි ලා, ඔහු ලත් පර්යේෂණ පරිචයේත් අග්‍ර ඵලය වූ කලී, ශ්‍රී දළදා කරඬුව වැඩම වූ, රාජා හස්තියාගේ මිය ගිය සිරුර රසායනික සංරක්ෂණය කරමින් ඔහු විසින් නිර්මිත විස්මයාවහ අනුරුවයි. ගාමිණී කුමාර විතානයන් විසින් රචිත ග්‍රන්ථ සම්භාරය මනෝවිද්‍යාව, අපදාන සාහිත්‍යය, යෞවනය, පරිසර විද්‍යාව, මානව සංවර්ධනය යන ක්ෂේත්‍ර පංචකයෙක්හිම විහිද පැතිරුණකි. ඔහුගේ බාහුශ්‍රැත්‍යයට එය සාක්ෂාත් සාධකයෙකි.

පරිවර්තන කාරියෙහිද, හසලයෙක් වූ, ගාමිණී අතින් සිංහල සාහිත්‍යයට දායාද වී ඇති පරිවර්තන ග්‍රන්ථයෝ මිනිස් සිත් සතන් එකලු කරන දීපශිඛාවලියක් සදෘශ්‍යයහ. ඔහුගේ මෙම අභිනව පරිවර්තන කෘතිය ද, එවැනිම දීපශිඛාවක් වනු නොඅනුමානය. සන්නිවේදන කාර්යයේදී ගාමිණී කුමාර විතානයන් ප්‍රකට කරන වශ්‍යවචෝභාවය වූ කලී එක්තරා අරාබි පිරුලකට ප්‍රත්‍යක්ෂ සාධකයක් වැන්න.

ISBN
9786245664948
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පහන් සිතින් සරන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.