Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පලායන්නා

පලායන්නා

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

කොනර් ෆිටිජ්ජෙරල්ඩ් ඔහුගේ සමකාලීනයන් විසින් සලකනු ලබන්නේ ගුරුන්ගේත් ගුරෙකු වශයෙනි. සී අයි ඒ සංවිධානයේ වඩාත්ම මාරක අවිය වශයෙනි. පවුල් ජීවිතයට ලැදි පුද්ගලයෙකු වන ඔහු විසි අට වසරක් පුරා ද්විත්ව චරිතයක් රඟපායි. නමුත්, විශ්‍රාම යාමට කෙටි කාලයක් තිබියදී, ඔහුට හමුවන්නේ මේ වනතුරු මුහුණ නොදුන් අන්දමේ භයානක සතුරෙකි. ඒ අන් කවරෙකු හෝ නොව ඔහුගේ ම ප්‍රධානියාය. ඇගේ එකම අරමුණ ඔහු විනාශ කිරීමය. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය දරුණු අර්බුදයකට මුහුණ දෙයි. නව රුසියානු ජනාධිපතිවරයා සුපිරි බලවතුන් දෙදෙනා අතර හමුදා ගැටුමකට මග පෑදීමට අරඅඳියි. ධවල මන්දිරය, සී අයි ඒ සංවිධානය සහ රුසියානු මාෆියා කල්ලි මැදි කොටගත් මෙම කතාන්දරය, ත්‍රාසෝත්පාදී නවකතා රචනයේ නිම් වළලු පුළුල් කොට ඇති බව ද මහා බ්‍රිතාන්‍යයේ නොම්මර එකේ කතාන්දර කියන්නා පාඨකයා නිරන්තරව පිටු පෙරලීවීමට පොළඹවා ඇති බව ද මොනවට කියාපායි.

ජෙෆ්රි ආචර් යනු, ඔහුගේ කෘතීන් ලෝකය පුරා මිලියන ගණනින් අලෙවි වන හැත්තෑවිය පසුකර සිටිය ද තවමත් නිර්මාණකරණයේ යෙදී සිටින්නෙකි. ඇතැමෙකු ඔහු නූතන ඇලෙක්සැන්ඩර් ඩූමා ලෙස හඳුන්වනු ද දක්නට ලැබේ. 1940 වර්ෂයේ වර්ෂයේ ඉපැදුනු ජෙෆ්රි ආචර් ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියෙකු වන අතර හැටේ දශකයේදී එංගලන්තය නියෝජනය කරමින් මීටර් සියය දිවීමේ ද යෙදී ඇත. ඔහුගේ පළමු නවකතාව 1974දී පළවිය. මෙය ඔහුගේ ‘The Eleventh Commandment’ ත්‍රාසෝත්පාදී නවකතාවේ පරිවර්තනය වේ. මෙම නවකතාව ලිවීමේ දී ජෙෆ්රි ආචර් ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් බොහෝ දෙනෙකු ද, හිටපු සී.අයි.ඒ. ප්‍රධානියෙකු සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයෙකු සහ රුසියානු මාෆියා ලොක්කන් දෙදෙනෙකුගේ ද අදහස් ලබාගෙන ඇති බව සඳහන්කොට ඇත.

ISBN
9789556970111
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පලායන්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.