යුද ගිනි නිවූ සිත් ගිනි
එම යුග පුරුෂයන් දෙදෙනාම උපත ලැබුවේ එකම දිනකය. එහෙත් ලෝකයේ ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකකය. ඒබල් රොස් ස්නොව්ස්කි පෝලන්තයෙහි දිලින්දෙකු සේ ඉපිද අනේක දුක් ගැහැට විඳ, ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ජීවිතය ජය ගනියි. විලියම් ලොවෙල් කේන් ධන කුවේරයෙකුගේ පුතෙකු ලෙස ඇමරියාවේ ඉපිද, තම ඉලක්කය කරා යාමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරයි.
ඔවුහු දෙදෙනාම අධිෂ්ඨානශීලී වෙති. සිය අරමුණු කරා යන විට එල්ල වන අභියෝගවලට නොසැලී මුහුණ දී ජය ගනිති. එකී අභියෝගයන් හේතු කොට ගෙන මේ දෙදෙනා අතර ගැටුම් ඇති වෙයි. මඳක් නැවතී එකිනෙකාට සවන් යොමන්නට තරම් එක් අයෙකු හෝ නම්‍යශීලී නොවෙයි. එකිනෙකාට කෲර ලෙස සලකයි.
මේ දෙදෙනාගේ දෙවන පරපුර ආදරය, ප්‍රේමය හා අන්‍යොන්‍ය අවබෝධය හමුවේ අනෙකුත් භෞතික සම්පත් කැප කරති. එම නිසා සතුටින් ජීවත් වෙති.
ඒ බල් හා කේන් යන දෙදෙනාම මෙලොව ජීවත් වූයේ වසර 60ක් පමණ වූ කෙටි කාලයකි. එතුවක් කල් වරින් වරින් ප්‍රතිවාදියාගේ ඉල්ලීමට සවන් යොමන්නට දෙදෙනාම අකමැති වූහ. එසේ සවන් යොමා මඳක් නැවතී සිතා බැලුවේ නම් කෙතරම් අගනේද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.