Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පාළු දූපතේ නටන පුටුව
About this book

එහෙත් අත උරහිස ළඟින් නැවතුණේ නැත. ඡායාවකට අත තිබ්බාක් මෙන් සිරුර පසා කරගෙන අත ගියේය. ජෙනී කිසි දිනක නොවූ තරමට බිය වූවාය. කොලුවා පිටුපා සිටියි. ජෙනීගේ අත උරහිසිනුත් පහළට ගොස් ඇත. ජෙනීට ඇගේ අත පෙනෙයි. එහෙත් කොලුවාගේ සිරුරද එසේම ඇත. තමාගේ කකුල් දෙක ගැහෙන බව ජෙනීට දැනුණි. සියොලඟම දහඩියෙන් තෙමී ඇත. ජෙනී කෑ ගසන්නට උත්සාහ කළද හඬ පිට වූයේ නැත. උගුර කට වියළී ගොසිනි. “අම්මෝ අපි නැතෝ” එකවරම ජෙනීගේ මුවින් හඬ පිට විය. කොලුවා ඔවුන් දෙසට හැරුණේය. ඔහුගේ මුහුණේ දුක්මුසු බවකි. “ඔ... ඔය හො...හොල්මනක්ද?” රෝසි වචන ගැට ගැසුවාය. ඇය දෙස දුක්මුසු බැල්මක් යොමු කළ කොලුවා එකවරම අතුරුදන් විය.

ISBN
9789557011165
පිටු ගණන (Pages)
83
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පාළු දූපතේ නටන පුටුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.