Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පටලැවිල්ලක්

පටලැවිල්ලක්

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඊඩන් ෆොක්ස් සහ හැරිසන් වුල්ෆ්, හෝප්-ෆෝල්ස් ගම්මානයේ පදිංචියට පැමිණ සති කීපයක් පමණි. එදින රාත්‍රී යාමයේ පැවැත්වෙන සිය කලා ප්‍රදර්ශනයේදී ගම්වැසියන් හඳුනාගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුව නිවසේ යතුර පමණක් අතට ගත් ඊඩන්, සුපුරුදු පරිදි කෝන්වෝල් වෙරළ තීරය දිගේ දුවන්නට ගියාය.

එහෙත්, යළි නිවෙසට පැමිණෙන ඊඩන්ගේ අතේ ඇති යතුර, නිවසේ දොරට නොගැළපිනි!

ඇය දොරට පහර දුන් විට දොර විවර වෙයි. එහෙත් ඇය පිළිගන්නට පිටතට පැමිණියේ ඊඩන්ගේ සැමියා නොවේ! ඒ වෙනත් කාන්තාවකි. ඊඩන්ගේ කළු වෙල්වට් ගවුමෙන් සැරසුණු, ඇගේම විලවුන් සුවඳ වහනය වන, වෙනත් කාන්තාවකි. ඇඟිලිවල දකින්නට ලැබුණේත් ඇගේම මුදු දෙකකි.

"ඔයා කවුද?"
"මගේ නම ඊඩන් ෆොක්ස්..."
"මමයි ඊඩන් ෆොක්ස්. ඔයා මොනවද මේ කියන්නේ?"

තත්වය වඩාත්ම දරුණු වන්නේ, ඊඩන්ගේ ප්‍රාණසම සැමියාද ඇය නොහඳුනන බව පැවසූ විටය! තමා සතු සියල්ල, තමා ආදරය කළ මිනිසා පමණක් නොව, සිය අනන්‍යතාවය පවා එක රැයකින් අහිමි වූ ගැහැනියක්, තමා මුළු ලෝකයෙන්ම අතුරුදන් කර ඇති බව වැටහෙද්දී කුමක් කරනු ඇත්ද?

ඔබ ජීවත්වන ලෝකයෙන්, ඔබ සම්පූර්ණයෙන්ම අතුගා දමා ඇති බව වැටහුණහොත් ඔබ කරන්නේ කුමක්ද?

ISBN
9786246570927
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
පටලැවිල්ලක්
This book පටලැවිල්ලක් Alice Feeney
රු. 1,980.00 රු. 2,200.00
රොක් පේපර් සිසර්ස් මධාරා අබේසිංහ
රු. 1,485.00 රු. 1,650.00
රහසක් මධාරා අබේසිංහ
රු. 1,755.00 රු. 1,950.00
3 books selected
රු. 5,220.00 රු. 5,800.00
Save රු. 580.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පටලැවිල්ලක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.