Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පෙගසස්
About this book

ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වි සිටි දෙදෙනෙකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමඟ වෙනස් වෙන්න යන්නේය.

නිකොලස්ට ජීවයෙන් පිරුණු පුතාලා දෙදෙනෙක් සිටිති. අලෙක්ස්ට ඔහු දැඩිව ආදරය කරන නව යොවුන් වියේ පසුවන දියණියක් සිටින්නීය. වැන්දඹු පුරුෂයෝ වෙන මේ දෙදෙනාම තමන්ගේ දරුවන් තනිවම උස් මහත් කරමින් තෘප්තිමත් හා සාමකාමී ජීවිත ගත කරයි. නිකොලෙස්ගේ පරම්පරාව පිළිබඳ බොහෝ කාලයකට ඉහතදී සඟවා දැමු රහසක් ඔහුගේ පවුලට තර්ජයක් වෙන තුරුම සියල්ල එසේ සිදු වන්නේය.

දිවි ගලවා ගන්නට නම් ඔවුන් ඇමෙරිකාවට පලා යන්න වන්නේය. නිකොලස්ට හා ඔහුගේ පුතුන්ට තමන් සමඟ ගෙන යා හැකි එකම වස්තූන් වන්නේ නුමුහුන් අශ්වයන් අට දෙනෙකු පමණයි.එයින් දෙදෙනෙකු අලෙක්ස්ගෙන් තෑගි ලැබුණු ඉතාමත් වටිනා ලිපිසානර් අශ්වයන්ය. මේ අනර්ඝ සතුන් ඔවුන්ට අලුත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නිකොලස්ට ප්‍රසිද්ධ රිංග්ලිංග් සහෝදරයන්ගේ සර්කසයේ රස්සාවක් ලබා දෙමිනි. එහිදි නිකොලස් හා ඔහුගේ සුදු අශ්වයා පෙගගස් ඔවුන් පවත්වන සංදර්ශනවල වැදගත්ගම අංගය බවට පත් වන්නේය. සුන්දර කම්බි මත ඇවිදින්නියක් ඔහුගේ සිත සොරා ගන්නීය.

නමුත් වසර ගණනාවක් පැවැත්වෙන යුද්ධය බොහෝ හානි සිදු කරද්දි නිකොලස් ඔවුන්ගේ අලුත් ජීවිතයට හැඩ ගැසෙන්න දැඩි වෑයමක් දරන්නේය. මේ අතරතුර යුරෝපයේ ඉන්නා අලෙක්ස් හා ඔහුගේ දියණිය දිනෙන් දින වැඩි වෙන අනතුරුදායක තත්වයන්වලට මුහුණ දෙති. අත්ලාන්තික් සාගරය දෙපසින් ඇති රටවල් දෙකටම බොහෝ දුක සිතෙන සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වෙද්දි තමන්ගේ සතුට දෛවය විසින් තීරණය කරන අවධියකට මුහුණ දෙන මේ පවුල් දෙකට කුමක් සිදු වන්නේද?

ISBN
9789556973044
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෙගසස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.