Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිප්පි දිග මේස්

පිප්පි දිග මේස්

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

වර්ෂ 1907 නොවැම්බරයේ දී ස්වීඩනයේ ඈත පිටිසර ගමක් වන විම්මර්බි නමැති ගම්මානයේ උපත ලැබූ ඇස්ට්‍රිඩ් ලින්ග්‍රන්, පසු කලෙක ළමා කථාකාරියක වශයෙන් ජනප්‍රිය වන්නට වූවාය. 2002 වර්ෂයේ දී, අනූ හතර වියේ දී මිය යන විට ඇය ලෝකයෙහි ඉතාම ජනප්‍රිය ළමා කථා ලියූවන් අතරින් මුල් තැනක් ගෙන තිබුණි.

කෝටි සංඛ්‍යාත ළමුන් මෙන්ම වැඩිහිටියන් ද අතර අතිශයින් ජනප්‍රිය වූ ළමා කථාවල ප්‍රධාන ලක්ෂණය නම්, දරුවාගේ පෞරුෂය නිදහස්ව වර්ධනය විය යුතු බවත්, අවට පරිසරයේ බාධක හා අභියෝග මැඩලිය හැකි වන්නේ ද, ජීවිතය සාර්ථක වන්නේ ද එවිට බවත් අවධාරනය කිරීමය.

මේ කතාවන්හි නිර්මාණාත්මක ලෙසින් සංකේත භාවිත කර ඇති අයුරු විස්මයජනකය.

1968 දී සිංහල නාට්‍ය ක්ෂේත්‍රයට පිවිස එහි පෙරළියක් කළ විජිත ගුණරත්න පසු කලෙක ස්වීඩනයේ පදිංචියට ගොස් ෆාලුන් නගරයේ සංස්කෘතික සංස්ථාව යටතේ නාට්‍යකරණය උගන්වයි. එහි ඉමහත් පිළිගැනීමකට හා ජනාදරයට පාත්‍රව සිටින විජිත, ඇස්ට්‍රිඩ් ලින්ග්‍රන්ගේ විශිෂ්ට ළමා කථා ගණනාවක් සිංහල බසට පරිවර්තනය කොට විශාල සේවයක් කර තිබේ. ඇස්ට්‍රිඩ් ලින්ග්‍රන් පෞද්ගලිකව හඳුනන ඔහු, ඇයගේ පොත් හැකි තාක් සංඛ්‍යාවක් සිංහල ළමා පරපුරට පිදීම අරමුණු කොට ගෙන ඇත.

Details
ISBN
9789553045935
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිප්පි දිග මේස්

Reviews are published once a member of our team has read them.