පිටස්තරයා
ප්‍රංශයට අයත් ඇල්ජීරියාවේ ඉපිද පැරිස් නුවර ජීවත් වූ නොබෙල් ත්‍යාගලාභී මහා ලේඛක, නාට්‍ය රචක, පුවත්පත් කලාවේදී හා දාර්ශනික ඇල්බෙයා කැමූ (11.ජූලි.1913 - 01.අප්‍රියෙල්.1960) ගේ විශිෂ්ට නවකතාවකි (The Outsider) හෙවත් පිටස්තරයා. මෙය ලෝකයේ ප්‍රකට භාෂා රැසකට පරිවර්තනය වී ඇති අතර පාඨක විචාරක හා විද්‍යාර්ථීන් ගේ නොමඳ අවධානයට ලක් වූ කෘතියකි.
මගේ ජීවිත කාලය තුළ දී කියවා ඇති හොඳ ම නවකතා දහයෙන් එකකි, පිටස්තරයා. මෙහි ප්‍රධාන චරිතය වන මොර්සු තම මෑණියන්ගේ අවමඟුලට සහභාගි වී පසු දා ආපසු තම නිවස බලා එයි. එ දින ම, තම පෙම්වතිය වන මාරි සමඟ පිහිනුම් තටාකයක නාන්නට ගොස්, රොමෑන්තික, චිත්‍රපටියක් ද නරඹා ඈ සමඟ දින රාත්‍රිය ගත කරයි. ගිනි මධ්‍යානයේ මුහුදේ නාමින් සිටි ඔහු, ගල්පර අතර කළු ම කළු පැහැති අරාබි ජාතිකයන් සිව් දෙනෙක් ඔහු දෙස බලා සිටිනු දකී. කිසිදු හේතුවක් නැතිව ඔහු එක් අරාබි ජාතිකයකුට වෙඩි පහක් ම තබා ඔහු මරා දමයි. නඩු විභාගයේ දී ඔහු කියන්නේ මැරීමට හේතුව සමහර විට ගිනි අව්ව බව යි. එ නමුත් විනිශ්චය කරුවන් දකින්නේ මොහු අසාමාන්‍ය ගති ඇති පුද්ගලයකු බව යි. සමාජ විරෝධියකු හා ආගම් විරෝධයකු බව යි. එ නිසා ඔහුට මරණීය දන්ඩණය නියම වෙයි. ප්‍රංශ දාර්ශනිකයකු, නාට්‍ය කරුවෙකු, කෙටිකතා කරුවෙකු හා නවකතා කරුවකු වන ෂොන් පෝල් සාතේ සමඟ එකතු වී පවතින සාහිත්‍ය මතවාදවලට විරුද්ධ මතවාදයක් ගොඩනැගුවේය. එය(Existentialism) හෙවත් භවසත්තාවාදය යනුවෙන් හැඳින්වේ. මෙම නව සාහිත්‍ය රීතිය අවබෝධ කර ගැනීමට හොඳම කෘතිය, ඇල්බෙයාර් කැමූගේ 'පිටස්තරයා’ ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.