Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

About this book

විශ්‍රාමික පොලිස් පරීක්ෂක ලයනල් මුණසිංහ මහතා හතලිස් එක් වසරක්, වසර 1959 සිට 2000 දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල, විවිධ පලාත්වල, සේවය කොට ලබා ගත් පුළුල් අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරියෙකි.

අවුරුදු හයක් යාපනය දිස්ත්‍රික්කයේ ද, පසුව වවුනියා යුද කලාපයේ ද සේවය කළ ඔහු, දෙමළ බස මැනවින් හැසිරවීමේ සමතෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද, කලක් පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව නැගෙනහිර පළාතේ ද, අනතුරුව සබරගමුව සහ කොළඹ තදාසන්න පෙදෙස්වල ද කළ ලබාගත් පුළුල් අත්දැකීම් ඇත්තෙකි.

එමෙන්ම අපරාධ පරීක්ෂණයෙහි ද, අධිකරණය හමුවේ නඩු ඉදිරිපත් කිරීමෙහිලා ද, ඔහු ලත් පරිචය ගැඹුරු ය. මේ පොතෙහි අඩංගු වන්නේ මේ විවිධ ක්ෂේත්‍රවල ඔහුට මුහුණ පාන්නට සිදු වූ අපූරු අත්දැකීම්වල තොරතුරු ය. 

එදා පොලිසියේ ස්වභාවය ද, එහි ගැඹුර ද පිළිබඳ මේ තොරතුරු මඟින්, සාමාන්‍ය පාඨකයෙකුට ලැබෙන රසවත් අත්දැකීම් හා දැනුම් සම්භාරය බොහෝ වනු ඇත. මේ බඳු පොත් සිංහලයෙන් ලියැවෙන්නේ කලාතුරකිනි.

ගාමිණි ගුණවර්ධන 

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

ISBN
9789556565133
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.