Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රේගු වැටලීම්

රේගු වැටලීම්

ප්‍රවර්ග (Genre): නවකතා නීතිය
About this book

මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපළ කළ ප්‍රවීන ලේඛකයෙකි. 

වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ්‍රී විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය ලංකා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් හිමිකරගෙන ඇත. 

හෙතෙම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් සමත් ව, 1996 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් ලෙස දිව්රුම් දීඇති අතර, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක් හා දිව්රුම් කොමසාරිස්වරයෙක් ලෙස ද කටයුතු කරයි. 

වර්ෂ 1976 දී සහකාර රේගු අධිකාරිවරයෙක් ලෙස ශ්‍රී ලංකා රේගුවට බැඳී, රේගු අධිකාරිවරයෙක්, සහකාර රේගු අධ්‍යක්ෂවරයෙක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙක්, රේගු අධ්‍යක්ෂවරයෙක්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස කටයුතු කර ඇත. එසේම අවුරුදු තුනක කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ හෙතෙම පුවත් පත් ගණනාවකට විවිධ මාතෘකා ඔස්සේ ලිපි සපයන අතර ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මගින් වාර්ෂික ව පළ කරනු ලබන ප්‍රවර්තන සඟරාවේ සංස්කාරවරයා ලෙස ද කටයුතු කළේය.

ISBN
9789556564624
පිටු ගණන (Pages)
291
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රේගු වැටලීම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.