වන්නියාගේ ලෝක සවාරිය
පසු වදන
ගවේෂණය මත පදනම් වු සංචාරය තුළින් ඇසු පිරූ තැන් ඇත්තෙකුට ලෝකය දෙස වෙනස්ම වු කෝණයකින් බැලීමේ හැකියාව ලැබෙන බවට මෙම සංචාරක සටහන් පෙළ කදීම උදාහරණයක් සපයයි.
මානවයාගේ උරුමය පෙරදිග සංස්කෘතිය සහ බුදු සමයේ අභාසය ලත් දර්ශනය මෙන්ම මිහිකතේ සුන්දරත්වය සොයා යාමටත් ඒවා හැදෑරිමටත් උනන්දුවක් ඇති කරලීම සදහා මෙතුලින් කතුවරයා දරණ උත්සහ ප්‍රශංසනීයයි.
ඇසූ දුටු සහ කියවු දෙය ඇසුරින් ඔහු තබන මේ සංචාරක සටහන් විශේෂයෙන් ගවේෂණශිලි තරුණ පරපුරට අතිශය වැදගත් වනු ඇත.
මීට පෙර මේ කරුණු නව මධ්‍ය තුළ සටහන් කිරිමෙන් චාමර හිමන්ත වන්නිආරච්චි අදහස් කරන ලද පරිදිම මේ ග්‍රන්ථය තුලින් ද ශ්‍රි ලාංකිය දූ පුතුන්ගේ නැණ නුවණ පුළුල් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි -උදය වන්නිආරච්චි
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.