ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම
“තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම 'සංඛ්‍යාතයක'' සම්බන්ධතා ගොඩනැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ 'සංඛ්‍යාතය' තරගයට දුවන අය ගේ සංඛ්‍යාතයට ගෝචර වන්නේ නැහැ.
කඳු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනි තවත් අහිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා.
මෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණාම ඔවුන් අමුතුවෙන් දැන හඳුනාගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළා ම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.