ප්‍රාණ - ආදරය සහ නිදහස් වීම
“තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ ම දේ වන්නේ ඔහු හෝ ඇය සමඟ කවදාවත් විවාහ නොවී සිටීම.
මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.
මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි - දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.
ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.
තමන් ගේ ළඟ ම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩා ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.
තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.
ඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම...”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.