Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ප්‍රතිබිම්බ

About this book

පුරාණයේ සිට පැවත එන ඒ ගුහාව, අඳුරු සෙවනැල්ලක් මෙන් ප්‍රදේශය පුරා බිය වැපිරවීය. එහි නම ඇසූ පමණින් ගම්වැසියන්ගේ ගත කිලිපොලා ගියේ, කිසිවකුටත් ඒ අසලකටවත් යාමට සිත් නොදුන් තරම් භයානක ශබ්ද එම ස්ථානයෙන් ඇසෙන නිසාවෙනි. හොල්මන් අවතාරවල කෙඳිරිල්ලක් මෙන් දෝංකාර දුන් ඒ ශබ්ද, රාත්‍රියේ නිහඬතාවය බිඳ දමමින් භීතියේ මීදුමක් සෑමතැනම පැතිරවීය. එහෙත් මේ භයංකර කන්ද පාමුල, තනිකඩව භාවනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අමුතු මිනිසෙක් වාසය කළේය. ඔහු වෙත සිතේ වේදනාවෙන්, මානසික අවපීඩනයෙන් හා විශාදියෙන් මිරිකී ආ රෝගීහු පුදුමාකාර ලෙස සුවය ලැබූහ. ඒ අරුමයේ රහස කාටවත් වැටහුණේ නැත. ඔහුත්, බියකරු ගුහාවත් අතර තිබූ අද්භූත සම්බන්ධය කුමක්ද?

මේ සියල්ල විමසීමට තොරතුරු පිපාසයෙන් පෙළුණු තරුණ පිරිසක් දිරිමත් වූහ. ඔවුන්ගේ දැවෙන කුතුහලය, සියවස් ගණනාවක පැරණි බිය පරදවා ඉදිරියට ඇදුණේ, ඔවුන් මේ දෙස විද්‍යාත්මක ඇසකින් බැලීමට තීරණය කළ මොහොතේ සිටය. එහෙත් ඔවුන් නොදැනුවත්වම ඇතුළු වූයේ ඔවුන්ගේම සමාන්තර ප්‍රතිබිම්බ හමුවේ කාල අවකාශයේ විෂම චක්‍රයකටය (PARADOX).

විශ්වයේ නොපෙනෙන බලවේග හතරක් මුළු විශ්වයත්, එහි පැවැත්මත් රඳවා තබයි. මේ බලයන්ට එරෙහිව උඩුගම් බලා පිහිනා යාමට ඔවුන්ට උපකාර කළ හැකි තවත් ශක්තිමත් බලයක් විය. ඒ අන් කිසිවක් නොව, සියලු බාධක හා බිය පරදා නැඟී සිටින ආදරයේ අසීමිත බලයයි. මේ සියලු බලයන් පරදවා, ආදරය තුළින් ඔවුන් ජයග්‍රහණය කරනු ඇත්ද? නැතහොත් ඔවුන් සදාකාලිකවම කාලයේ හා අවකාශයේ අඳුරු සෙවනැලි තුළ අතරමං වනු ඇත්ද?"

Details
ISBN
9786246585372
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ප්‍රතිබිම්බ

Reviews are published once a member of our team has read them.