ප්‍රතිග්‍රහණ - Acceptance
සර්වනාශයේ ආධිපත්‍ය ප්‍රතිග්‍රහණය කිරීමට කාලය එළඹ ඇත.
‘මොකද අවුල?’ ග්ලෝරියා විමසුවාය. ‘මොකෙක් හරි විද්ද ද?’
‘අනේ මන්දා’ හේ පැවසුවේය.
තමන් දෙස තවත් නෙත් යොමුව පවතින බව හැඟී ගියෙන් ඔහු හැරී බැලූයෙන් එහි සිටගෙන සිටින හෙන්රි ඔහුට දිස්විය. ඔහු මෙතරම් ඉක්මනින් පඩිපෙළ පහළට පැමිණියේ කෙසේ ද? නැතිනම් ඔහු සිතුවාට වඩා කාලය ගත වී ද?
‘ඒකනෙ. මොනව හරි අවුලක් ද, සාවුල් ?’ හෙන්රි ද විමසුවේය. එහෙත් ඔහුගේ කටහඬේ තමන් ගැන කිසිම තැකීමක් වූ බව සාවුල්ට නොදැනුණි. ඒ එවැන්නක් නොවූ බැවිනි. එහි වූයේ අමුතු උනන්දුවක් පමණකි.
‘කිසි අවුලක් නැහැ’ ඔහු අසහනකාරී බවකින් පැවසුව ද ඔහු එසේ අසහනයට පත්විය යුතු ඇයි දැයි ඔහු දැන නොසිටියේය. ‘මේ මහපටැඟිල්ලේ මොකක්ද ඇණුනා’
‘අත්වැස්ම අස්සෙන්? ඒක එහෙනම් මාරම කටුටක් වෙන්න ඕන.’ හෙන්රි ඒ තැන සෝදිසි කරන්න වූයේ තමන් ආසාම කරන අත් ඔරලෝසුව හෝ සිය මුදල් පිරුණු පසුම්බිය බිම වැටුණු අයෙකු සොයන්නාක් පරිද්දෙනි.
‘මම හොඳින්, හෙන්රි. වද වෙන්න එපා.’ කිසිම තේරුමක් නැතිව කේන්තියකින් ඔහු පැවසුවේ මෝඩ ස්වරයකිනි. ඔහුට හෙන්රි තමා කෙරෙහි විශ්වාස කරවා ගැනීමට අවශ්‍ය විය. ‘සමහරවිට ඒක විද්‍යුත් කම්පනයක් වෙන්න ඇති.’
‘සමහරවිට වෙන්න ඇති.’ එම මිනිසාගේ දෙනෙති වූ කාන්තිය සාවුල් වෙත ආවේ බොහෝ ඈත සිට ඇදී එන සීතල ආලෝක කදම්භයක් මෙනි. හරියට හෙන්රි එහෙම්පිටින්ම වෙනස් වූ පණිවිඩයක් විකාශනය කරන්නාක් මෙනි.
‘කිසි අවුලක් නැහැ’ සාවුල් යළිත් කීවේය.
කිසිම අවුලක් නොවීය.
නැතිනම් අවුලක් වූවා ද?
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.