Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ප්‍රේම කතා තුනක්

ප්‍රේම කතා තුනක්

About this book

මොස්කව් නුවර විද්‍යා ඇකඩමියේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල යෙදෙමින් සිටි අවදියේ, සිසිර කුමාර බණ්ඩාරගම තම පර්යේෂණ විෂය ධාරාවට අමතරව රුසියානු සාහිත්‍යය, සංගීතය, වේදිකා නාට්‍යය හා සිනමාව කෙරේ දැක් වූ රුචිකත්වය නිසාම ඒවා හැදෑරීමට කාලය හා ශ්‍රමය මිඩංගු කලේය.

සිසිර ගේ මේ පරිවර්තන කෘතීන්, එසේ එදා රුසියානු කලා නිර්මාණ හා සාහිත්‍යය පිලිබඳ ඔහු එක්රැස් කල දෑ පසු කලෙක ඔහු විසින් ලාංකික සහෘදයන් සමග හෙළ බසින් බෙදා ගැනීමට කරන උත්සාහයක් යැයි කිව හැක.

එඩ්වර්ඩ් රල්සින්කි විසින් රචනා කර මොස්කව් නුවර මයාකෝව්ස්කි නාට්‍යය ශාලාවේ රඟදක්වන conversations with Socrates නම් සුප්‍රකට වේදිකා නාටකය, සිසිර විසින් ‘සොක්‍රටීස් සමග සංවාදයක්’ යන නමින් සිංහලට පරිවර්තනය කෙරිනි. මෙය ලාංකේය නාට්‍යය රසියන් හමුවට නුදුරු අනාගතයේ ගෙන ඒමට දැන් කටයුතු සැකෙසෙමින් පවතී. එසේම සිසිර විසින් හෙළ සිනමා රසිකයන් වෙත ගෙන ආ ‛අන්දේයි තර්කෝව්ස්කි සිනමා දේශණ’ නම් වූ පරිවර්තන කෘතිය, බොහෝ අයගේ පැසසුමට පාත්‍ර වී ඇත.

සිසිර කුමාර බණ්ඩාරගම, ඔස්ට්‍රේලියාවේ ක්වීස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ආයතනයක රැකියාවේ නිරත වෙයි.

ISBN
9786245578412
පිටු ගණන (Pages)
245
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රේම කතා තුනක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.