Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පුංචි කාමරේ

පුංචි කාමරේ

About this book

කොල්ලන්ටත් වඩා කොලු විදියට හිතන
කවදත් සෙන්ටිමෙන්ටල්මය පද ගොතන
ලිව්වොත් එකක් සැක නැත බඩු හිටි නිතින
ගී රචනා කුලේ ඔහු විය දමිරතන

ධර්මෙගෙ ගී අතර අමතක කරනු බැරි
තිබුණා පුංචි කාමරයක් සුවඳ පිරි
මේ වගෙ ලිවිලි කිට්ටුයි හදවතට හරි
තව විදියකට කිව්වොත් අම්මටමසිරි

ඒ කාමරේ ගැන ඇති තතු නම් බෝය
සනතුත් මේක කිව්වේ තරඟෙකූ සේය
හොඳටම සුවකරපු කොලු අපෙ ගී ගාය
මේ අපෙ යොවනේ සිග්නේචර් ගීය

අද මෙන් හෙටත් අතිශය මිහිරක් ගේන
තව සින්දුවක් ගැන පවසන්නම ඕන
අද අප අතර නැතිමුත් සූරියසේන
මතකයි පියාසැලූ ඒ ලිහිනින් රෑන

නමසිය අනූවේ ඒ රන්වන් සමය
ගත්තොත් දශකයක් ලෙස එය ප්‍රියතමය
ධර්මෙත් එදා ලිව්වෙම ගීවල පෙමය
ගොඩගියෙ ධර්මෙගෙන් නාමල් උඩුගමය

ඒ සංයෝගෙ ගමනද සෑහෙන දුරය
ගීවල නොවුණි උන් වයසෙහි පරතරය
අප හමුවීම වෙන්වීමද ආදරය
කියලා ලියපුවට තාමත් කෑදරය

පැණි දවටමින් ධර්මේ ගී පද බැන්දේ
මේ ටික කාලයට පොඩි නෑ ඔහු දුන් දේ
කවුරුත් වගි වී වගෙමය රසවින්දේ
ගයනා විටදි චන්දන නිල් වන ලන්දේ

ඇත තව ගීතයක් අපෙ ආතල් වැඩුව
ඒ ගැන නොකිව්වොත් හෙම ඒකත් නඩුව
මනමාලියකි පිරවු ගී ලොව අඩුව
පුරමින් පාරමී ගෙන ආ වැලිතුඩුව

ලිව්වේ මෙතන ගී තතු ඩිංගක් පමණී
තියෙනවා තව ගොඩක් ගමනෙහි ඔහු පැමිණී
සිංදුත් එක්කලා නිරතුරුවම හැමිණී
ලියූ ගී අපේ දෙසවන් තුළ ඇත ඇමිණී

- ප්‍රියන්ත කොඩිප්පිලි

ISBN
9786246570415
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුංචි කාමරේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.