Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / පුංචි මිමී

පුංචි මිමී

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

ළමා කතාවත් යොවුන් නවකතාවත් පවතින ඒකාකාරී කතාවස්තු වලින් හෙම්බත් වූ පාඨකයන්ට ”පුංචි මිමී” නවමු අත්දැකීමක් ලබා දීමට සමත් වෙයි. පුංචි මිමී ද ඇගේ කූරා සහ රැබිට් නම් සුරතල් සතුන් ද අතරට මැදිවන දරුවෙකු ළමා ලෝකයේ අසිරිය විඳ ගනිමින් විවිධ පරිකල්පයන්ගෙන් හෙබි ලෝකයකට වැලඳගනු ඇත. යොවුන් පාඨකයකු ඉන් ඔබ්බට ගොස් සමාජ ඛේදවාචකයන් ද ඒ හමුවේ විවිධ මිනිසුන් ගේ චාරියාවන්හි යථා ස්වභාවයන් ද සියුම් නිරීක්ෂණයකට හසුකර ගනු ඇත. “පුංචි මිමී” රචක සරත් මුණසිංහ ආරචිචි ළමා හෝ යොවුන් හෝ ලෝකය හුදෙක් ඇත්ත සමාජයෙන් කපා වෙන්කර අමුතු කතා මවන්නෙකු නොවේ. ඔහු ගේ වැඩබිම යථා ලෝකයම වෙයි. ”පුංචි මිමී” යොවුන් නවකතාවෙන් සරත් මුණසිංහ ආරච්චිගේ එම සුවිශේෂ කුසලතාව කැපී පෙනේ.

 

ජස්ටින් පියරත්න

හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (පළමු පන්තිය)

කිණිහිරය සාහිත්‍යය වෙබ් අඩවිය - සංස්කාරක

ප්‍රවීණ ලේඛක හා ප්‍රවීණ විචාරක.

ISBN
9786240017602
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පුංචි මිමී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.