Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / වරූන් සහ වසන්

වරූන් සහ වසන්

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

වතුකරයේ ලයිම් කාමර දෙකක ජීවත්වන දරුවන් දෙදෙනෙකු සිය සවියෙන් නැගී සිටීමට ගන්නා වෑයම සරත් මුණසිංහ ආරච්චිගේ මෙම තෙවන යොවුන් නවකතාවෙන් අතිශය සජීවීව නිරූපණය වෙයි.

සැබෑ යොවුන් නවකතාකරු උතුම් ගුරුවරයෙකි. ඔහු වැටුණු බිඳුණු සිත් ඇති දරුවන් නැගී සිටුවා පෙරට යෑමට අවංකව කැපවෙයි. සිය කුසලතා ඒ පිණිසම යොදවයි. මේ කෘතියේ කතුවරයා වරූන් සහ වසන් යන දුගී චරිත මගින් ජීවිතයට මුසුකර ගත යුතුම වූ අත්දැකීම් සමුදායක් යොවුන් පාඨකයාට ලබා දෙයි.

වනරොද සොරුන් අල්ලන පුහු වීරයන් ළමා චරිතවලට ඇදී ලියවුණු යොවුන් කතා වෙනුවට මෙබඳු ජීවිතය හා බැඳුණු සැබෑ වීරයන්ගේ කතා අපේ සාහිත්‍යයට දිගින් දිගට එක් වුවහොත් දිරිමත් සවිමත් ගුණවත් ජාතියක් ශ්‍රී ලංකාව තුළ ද දක්නට ලැබෙනු නියතය. සරත් මුණසිංහගේ මේ කෘතිය සාහිත්‍යයට මෙන්ම ජාතියට ද මහඟු මෙහෙවරක් ඉටු කරයි.

ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදි, දෙනගම සිරිවර්ධන

ලේක්හවුස් ආයතනයේ හිටපු සිංහල උපදේශක

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (විශ්‍රාමික) උපදේශක

ISBN
9786240022132
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වරූන් සහ වසන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.