Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Michael B Schiffer / පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය

පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය

ප්‍රකාශක (Publisher): vapa university press
About this book

මයිකල් බී. ෂිෆර් උපත ලද්දේ 1947 වසරේ දී කැනඩාවේ විනිපෙග් හි දී ය. ඔහුගේ පවුලේ සාමාජිකයින් 1950 වසරේ දී කැලිෆෝනියාවට පැමිණ එහි පදිංචි විය. ෂිෆර් සිය මූලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගත්තේ ලොස්ඇන්ජලිස් හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයෙනි. රසායන විද්‍යාව ඉගෙනීම ඔහුගේ අරමුණ වුවත් පසුව ඔහු මානව විද්‍යාව හැදෑරීමට යොමු විය. 1969 වසරේ දී මානවවිද්‍යාව සඳහා සිය පළමු උපාධිය දිනා ගත් ෂිෆර්, පසුව ජේම්ස් හිල්, ජේම්ස් සැකට්, ලුවිස් බි න්ෆෝර්ඩ් සහ සැලී බිෆොර්ඩ් යටතේ නව පුරාවිද්‍යාව ප්‍රගුණ කළේ ය. සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු 1960 වසරේ දී අමෙරිකාවේ කෝනෙල් සරසවියේ මානවවිද්‍යාව පිළිබඳ සහය මහාචාර්ය ධුරයට පත් විය. 1966 වසරේ දී මහාචාර්ය ධූරයට උසස් වූ හෙතෙම පුරා විද්‍යාවට විද්‍යාත්මක ක්‍රමය ආදේශ කරලීමේ ව්‍යාපාරයේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළේය. 1971 වසරේදී ප්‍රකාශයට පත් Report on the excavation of a slave cabin in Georgia යන උද්ධෘතයේ යුත් ලේඛනය ඔහු විසින් රචිත අගනා ලේඛනයකි.

රාජ් සෝමදේව (PhD) වෘත්තීය පුරාවිද්‍යාඥයෙකි. කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරා විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හා දර්ශනපති උපාධිය ලබාගත් ඔහු පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය දිනාගත්තේ ස්විඩනයේ උප්සලා විශ්ව විද්‍යාලයෙනි. 2005 වසරේ දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පුරා විද්‍යා ආයතනයෙන් චාර්ල්ස් වොලස් අධිශිෂ්‍යත්වය දිනා ගත්තේ ය.ශ්‍රී ලංකාවේ පර්වත චිත්‍ර පිළිබඳ ඔහු විසින් කරන ලද පර්යේෂණය 2021 වසරේදී අමෙරිකවේ බ්‍රැ පදනම මගින් ඔවුන්ගේ අන්තර්ජාල දත්ත බැංකුවට ඇතුළත් කළේ ය. ශ්‍රී ලංකාවේ වෝහාරික පුරාවිද්‍යාව පිළිබඳ මූලික වැඩකටයුතු ආරම්භ කරන ලද්දේ ඔහු විසිනි. ඔහු දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.

Details
ISBN
9786245785087
පිටු ගණන (Pages)
137
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය

Reviews are published once a member of our team has read them.