කන්ද උඩ රට සටන්
බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේදි ඔවුන් හා කන්ද උඩ රට සිංහලයන් අතර කලක් තිස්සේ පැවැති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අළලා ජ්‍යොෆ්‍රි පවල් නමැති ඉංග්‍රීසි ජාතික ලේඛකයා අතින් ඉතා මෑත වකවානුවකදී KANDYAN WARS යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය “කන්ද උඩ රට සටන්” නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජ්‍යොෆ්‍රි පවල් අතින් සම්පාදනය වී ඇත්තේ ඔහු සිදු කළ ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බවමේ පොත කියැවීමේදී ඔබට වැටහෙනු නිසැකය.
බ්‍රිතාන්‍යයන්ගේ ආක්‍රමණය පිළිබඳ ප්‍රකට ඓතිහාසික කරුණු පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට ද වඩා ශ්‍රී ලාංකික හා විදේශීය විද්වතුන් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී පළ කළ මත හා දැරූ ආකල්ප පාඨකයා හමුවෙහි තැබීම් ඉංග්‍රීසි පොතේ කතුවරයාගේ අභිප්‍රාය වී ඇති බව පැහැදිලිය. ලංකාවේ ආණ්ඩුකාරධූරය හෙබැවූ ෆ්‍රෙඩ්‍රික් නොර්ත් හා බ්‍රන්රිග් බ්‍රිතාන්‍ය රජය වෙත පවා අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් කන්ද උඩ රට ආක්‍රමණයේ අවශ්‍යතාව අවධාරණය කළ ආකාරයත් “කන්ද උඩ රට ජනතාවට ඔවුන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ දිය යුතුය” යන සාමකාමී ආකල්පයක් දැරූ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ඔහුගේ ධුර කාලය අවසානයේ පෙරළා සිය රට ගිය පසු බ්‍රිතාන්‍ය රජයට පවා එසේ නිර්දේශ කළ ආකාරයත් මෙහි දැක්වෙයි.
සිය ආක්‍රමණයේදී බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට ප්‍රදේශ වල සිදු කළ බිහිසුණු මිනිස් ඝාතනයත් අතිමාත්‍ර දේපල විනාශයත් කොතරම්ද යන වග බ්‍රිතාන්‍යයන්ගේ දහ නව වැනි පාබළ සේනාංකයේ සෙබළකුගේ ම මුවින් පිට වී ඇති මේ වචන කීපයෙක් ම තහවුරු වෙයි: “මා සේවයෙන් මුදා හළ පසු මට උරුම වන ඉරණම මංපහරන්නකු බවට පත් වීම ය. ඒ අනෙකක් නිසා නොව, අපගේ මිනිසුන් අතින් මහනුවරදී සිදු වූ දේ දැකීමෙන් පසු මිනිසකුගේ ජීවිතය ඔහුගෙන් පැහැර ගැනීම ඉතා ම පහසුවෙන් කළ හැකි තත්ත්වයට මගේ හිත හැඩ ගැසීම නිසාය.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.