ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව

Special Price රු. 1,215.00 Regular Price රු. 1,350.00
In stock
SKU
puskola-poth-lekhana-kalawa-ariya-lagamuwa-sarasavi
ශ්‍රී ලංකාවේ පාරම්පරික ලේඛන සම්ප්‍රදාය වු පැරණි පුස්කොළ පොත් ලේඛන කලාව පිළිබද පුරාවිද්‍යාත්මක පර්යේණයක විශිෂ්ට ඵලයක් වන මෙම ග්‍රන්ථය මගින් ශ්‍රී ලාංකේය භාෂා - සාහිත්‍ය උරුමය වු පුස්කොළ පොත් ප්‍රවේණිය හා පුස්කොළ පොත් ලේඛන කලාව පමණක් නොව, තදාශ්‍රිත සෙසු අනුෂංගික විෂය කේෂුත්‍රයයන් පිළිබඳවද විධිමත් පරිපූර්ණ අධ්‍යයනයක් කෙරේ. ඒ අනුව මෙතෙක් ශේෂ ව තිබෙන දේශීය පුස්කොළ පොත් සංචිතයෙහි අගය හා වැදගත්කම කෙතෙක්දැයි මැනවින් පැහැදිලි වෙයි..
Author ආරිය ලගමුව - Ariya Lagamuwa (2)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
ලේඛන කලාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට අක්ෂර හෝඩියේ ආරම්භය හා ලිඛිත සාක්ෂි සපයා ගැනීම යනු එකිනෙකට විසංවාදී ගැටලු දෙකකි. අක්ෂර පැවතිය ද, ඒවා පැවති බවට සාක්ෂි සොයාගත නොහැකි වු විට අක්ෂර හෝ ලේඛන කලාව නොපැවතියේ යැයි බොහෝ විට තර්ක කරන නමුදු, එය අර්ථාන්විත නොවේ. අක්ෂර මාලාව හා ලේඛන කලාව සම්බන්ධයෙන් මෙතෙක් පැවැති මතභේදාත්මක අදහස් වෙනුවට, මෙහි කතුවරයා භෞතික සාධක පදනම් කරගෙන ඉදිරිපත් කර තිබෙන අපක්ෂපාති විග්‍රහය ඉතා කාලෝචිතය.
පුස්කොළ පොත් නිෂ්පාදනයේදී ද, ඒවා රචනා කිරීමේදී ද, භාවිතයේදී ද, උපයෝගි කරගන්නා දේශිය වෘක්ෂලතා, පැළෑටි, ඖෂධ වර්ග ඇතුළු සෙසු අමු ද්‍රව්‍ය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහය අතිශය වැදගත් වෙයි. පුස්කොළ සැකසීම, රචනා කිරීම සසහ කළු මැදීම යන කටයුතුවල නිරත වු ලේඛකයන් හා ශිල්පින් පිළිබඳ මානවවංශ විද්‍යාත්මක අධ්‍යයනය ද පරිපූර්ණ එකකි.
පාරම්පරික දැනුම් සම්භාරය වන අපේ පැරණි පුස්කොළ පොත් පිළිබඳව පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් පර්යේෂයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බව පෙන්වා දෙනු ලබයි.
More Information
ISBN 9789553114273
පිටු ගණන 424
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව
Back to Top