ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව
About this book
ලේඛන කලාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට අක්ෂර හෝඩියේ ආරම්භය හා ලිඛිත සාක්ෂි සපයා ගැනීම යනු එකිනෙකට විසංවාදී ගැටලු දෙකකි. අක්ෂර පැවතිය ද, ඒවා පැවති බවට සාක්ෂි සොයාගත නොහැකි වු විට අක්ෂර හෝ ලේඛන කලාව නොපැවතියේ යැයි බොහෝ විට තර්ක කරන නමුදු, එය අර්ථාන්විත නොවේ. අක්ෂර මාලාව හා ලේඛන කලාව සම්බන්ධයෙන් මෙතෙක් පැවැති මතභේදාත්මක අදහස් වෙනුවට, මෙහි කතුවරයා භෞතික සාධක පදනම් කරගෙන ඉදිරිපත් කර තිබෙන අපක්ෂපාති විග්‍රහය ඉතා කාලෝචිතය.
පුස්කොළ පොත් නිෂ්පාදනයේදී ද, ඒවා රචනා කිරීමේදී ද, භාවිතයේදී ද, උපයෝගි කරගන්නා දේශිය වෘක්ෂලතා, පැළෑටි, ඖෂධ වර්ග ඇතුළු සෙසු අමු ද්‍රව්‍ය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහය අතිශය වැදගත් වෙයි. පුස්කොළ සැකසීම, රචනා කිරීම සසහ කළු මැදීම යන කටයුතුවල නිරත වු ලේඛකයන් හා ශිල්පින් පිළිබඳ මානවවංශ විද්‍යාත්මක අධ්‍යයනය ද පරිපූර්ණ එකකි.
පාරම්පරික දැනුම් සම්භාරය වන අපේ පැරණි පුස්කොළ පොත් පිළිබඳව පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් පර්යේෂයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බව පෙන්වා දෙනු ලබයි.

Details
ISBN
9789553114273
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review