රාගයේ මාරයා

Special Price රු. 240.00 Regular Price රු. 300.00
Out of stock
SKU
ragaye-maraya-vishrawana-galappaththi-aratuwa-book-publishers

අද දින මා හට ලියන්නට සිදුවෙන දෙය මා සිහිනෙකින් වත් ලියන්නට සිතා සිටි දේවල් නොවෙයි. මා විද්‍යාඥයෙකු වූවද ජීවිතයේ පළමුවන වරට විශ්වාස කළ නොහැකි, අදහාගත නොහැකි සිදුවීම් රාශියකට මුහුණ දෙන්නට පසුගිය පැය කිහිපය තුළ මට සිදුවිය. මේ ලියන දේ මෙය කියවන ඔබ කිසිදිනක නොපිළිගනු ඇත. නියන්කඩුව නිලමේ තුමාගේ අවතාරය මගේ පර්යේෂණාගාරයේ දී මුහුණට මුහුණ හමුවී ම ඒ පුදුම සිදුවීමේ ආරම්භය යි. මෙය මට අදහාගත නොහැකි විය. නමුත් සත්‍යයකි. ඔහු මහත් ගාම්භීර ලෙස මා ඉදිරියේ වාඩි වී සිටියේ ය. මට හුස්ම ගැනීමට පවා නොහැකි විය. මා ඔහු දෙස ගල් ගැසී බලා සිටියෙමි. මට තව කොතෙක් වේලා ජීවත්වීමට හැකියාවක් ඇත් දැයි මා නොදනිමි. මෙයින් පලායා ම ද කළ නොහැකි ය. එයට හේතුව ඔහුගේ ආත්මය මේ වත්ත පුරාම සැරි සැරීමයි. එබැවින් මා පලා යාමට උත්සාහ කළහොත් සිදුවනුයේ දූගේ මිතුරිය වූ නලිනි දුවට සහ මගේ බිරිඳ මාගරට් ට අත්වූ ඉරණම මට ද අත්වීමයි.

Author විශ්රාවන ගලප්පත්ති - Vishrawana Galappaththi (35)
Publisher අරටුව ප්‍රකාශන - Aratuwa Book Publishers (204)
More Information
ISBN 9789554827868
පිටු ගණන 125
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රාගයේ මාරයා
Back to Top