රාගයේ මාරයා
අද දින මා හට ලියන්නට සිදුවෙන දෙය මා සිහිනෙකින් වත් ලියන්නට සිතා සිටි දේවල් නොවෙයි. මා විද්‍යාඥයෙකු වූවද ජීවිතයේ පළමුවන වරට විශ්වාස කළ නොහැකි, අදහාගත නොහැකි සිදුවීම් රාශියකට මුහුණ දෙන්නට පසුගිය පැය කිහිපය තුළ මට සිදුවිය. මේ ලියන දේ මෙය කියවන ඔබ කිසිදිනක නොපිළිගනු ඇත. නියන්කඩුව නිලමේ තුමාගේ අවතාරය මගේ පර්යේෂණාගාරයේ දී මුහුණට මුහුණ හමුවී ම ඒ පුදුම සිදුවීමේ ආරම්භය යි. මෙය මට අදහාගත නොහැකි විය. නමුත් සත්‍යයකි. ඔහු මහත් ගාම්භීර ලෙස මා ඉදිරියේ වාඩි වී සිටියේ ය. මට හුස්ම ගැනීමට පවා නොහැකි විය. මා ඔහු දෙස ගල් ගැසී බලා සිටියෙමි. මට තව කොතෙක් වේලා ජීවත්වීමට හැකියාවක් ඇත් දැයි මා නොදනිමි. මෙයින් පලායා ම ද කළ නොහැකි ය. එයට හේතුව ඔහුගේ ආත්මය මේ වත්ත පුරාම සැරි සැරීමයි. එබැවින් මා පලා යාමට උත්සාහ කළහොත් සිදුවනුයේ දූගේ මිතුරිය වූ නලිනි දුවට සහ මගේ බිරිඳ මාගරට් ට අත්වූ ඉරණම මට ද අත්වීමයි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.