Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස - කෙටිකථා සංග්‍රහය

රහස - කෙටිකථා සංග්‍රහය

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ජයලත් අමරසේකර ද්විභාෂා උගතෙක් වන අතර ඔහු සිංහල හා ඉංග්‍රීසි සාහිත්‍ය පරිහරණය කරන පාඨකයන්ගේ මතකයෙහි රැඳෙන නමක් ලෙස හැඳින්විය හැකි ය. ඔහුගේ මුල් සිංහල ග්‍රන්ථය ඩේවිඩ් බර්නල් ගේ 'The Coven Of The Unholy' නම් නවකථාවේ සිංහල පරිවර්තනය වන 'සාතන් කල්ලිය' යි. ඉංග්‍රීසි බසින් ඔහු ලියූ 'A Matter Of Conscience And Other Stories' ද පාඨකයන්ගේ නොමඳ ආදරය දිනාගත් කෘතියකි.

'රහස' මෑතක දී මා කියැවූ සිංහල කෙටිකථා සංග්‍රහයන් අතුරෙන් කැපී පෙනෙන නිර්මාණයකි. එහි අඩංගු සියලුම කෙටිකථා වෙනත් කෙටිකථාකරුවකුගේ ඇස නොගැසුණු ආකාරයේ කථා ය. 'සුලු සිද්ධියක්’ නම් කෙටි කථාව ජාතීන් අතර සමගිය පිළිබඳ ප්‍රචාරකවාදි ඉඟියකුදු නොදක්වතුදු ඒ පිළිබඳ විසල් ඉඟි සපයයි. එය මහා කතිකාවතකට ආරාධනා කරන ආකාරයේ කෙටිකථාවකි. 'ප්‍රශ්නයක් හා පිළිතුරක්’ ස්ත්‍රීත්වය හා ස්ත්‍රීත්වය වසා නැගී සිටින ව්‍යහීචාරිමය සිදුවීම් හොඳින් නිරීක්‍ෂණය කොට ලියන ලද්දකි. අමරසේකරගේ සියලුම කෙටි කථා අමුතු අත්දැකීම් ගෙන එන අමුතු කථා ය.

ඉඳින් මේ අමුතු අත්දැකීම් අමුතු කතා බවට පත්වන්නේ අත්දැකීමෙහි විශේෂත්වය නිසා පමණක්ම නොවේ. මනා පරිචය භාෂාව නිවැරදිව භාවිතා කිරීම, නිර්මාණ කෞශල්‍යය හා මුසු වූ නිර්මාණාත්මක භාෂා භාවිතය මෙන් ම එයට ලේඛකයාගේ මානව දයාව හොඳ නිර්මාණයකට අවශ්‍ය අංගෝපාංගයන් ය.

‛රහස’ කෙටිකථා සංග්‍රහයේ දී අමරසේකර නිර්මාණ කෞශල්‍යයෙන් භාෂාව නිවැරදිව හැසිරවීමෙන් හා නිර්මාණශීලිව භාවිතා කිරීමෙන් ද මානව දයාව ඒ සියල්ල හා නිසි ලෙස බන්ධනය කිරීමෙන් ද සිංහල පාඨකයාට අපූරු අත්දැකීම් රැසක් ඉදිරිපත් කර ඇත. සිංහල සාහිත්‍යයට තව තවත් මෙබඳු නිර්මාණ දායාද කරන්නට ඔහුට ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.

සුමිත්‍රා රාහුබද්ධ

ISBN
9789553130747
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රහස - කෙටිකථා සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.