රහසක් කියන්නම්
“පිං සිද්දවෙයි දැන් අනිත් හැමදේම අමතක කරලා මේ වචන ටික විතරක් හිතේ තියාගෙන මගෙන් ඈතට යන්නෙපා... ඔයා කැමති කෙනෙක්ට ආදරේ කරන්න... කැමති කෙනෙක්ව කසාද බඳින්න... ලස්සනට ජීවත්වෙන්න අයියා... එතකල් මට ඔයා දිහා බලාගෙන ජීවත්වෙන්න දෙන්න... ඊටපස්සෙ මං... මං පුළුවන් තරම් ඔයාගෙන් ඈතකට යන්නම්...”
ඇය දෙඅත් එකතු කළාය. ශාරදට දැනුනේ තම හදගැස්ම පවා නතරව ඇති බවකි. ඇය එවන් හැඟීමක් හිතේ හිරකරගෙන ඉඟියකින් හෝ ඒ බවක් ඔහුට නොදැනෙන ලෙස මොන තරම් කාලයක් උන්නේ දැයි ඔහුගේ හිතට දැනුනේ කුකුසකි. ඔහු, තම ටීෂර්ටය ගුලිකර අල්ලාගෙන උන් පහන්යාගේ සුරත ඒ අත්ලකට සිරකරගත්තේය.
“කවදා ඉඳන්ද පහන්... කවදා ඉඳන්ද ඔයා මේ විදියට මට ආදරේ කරන්න පටන්ගත්තේ..?”
පහන්යාගේ සුරත සිරකරගෙන උන් ශාරදගේ අත ඔහුගේ ලය මතට තද විය. පහන්යා හඬා බරවූ නාසය ඉහළට ඇදගත්තාය.
“මං දන්නෑ අයියා... මං දන්නෑ... ඒ කවදා ඉඳන්ද කොහොම ඇතිවෙච්ච දෙයක්ද කියලා...”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.