Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රක්ත මාණික්‍යයේ අභිරහස

රක්ත මාණික්‍යයේ අභිරහස

ප්‍රකාශක (Publisher): ටයිම්ලස් බුක් - Timeless Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

THE CASE OF THE RANJIPUR RUBY

රංජිපුරේ මහාරාජා එයාගේ පුත් කුමාරයා රවි එක ලන්ඩන් නුවරට ආවේ ලෝකේ තියෙන ලස්සනම රතු මැණික මහරැජීනට තෑගි කරවනයි ඒත් උත්සවයට සතියකට කලින් මහාරාජා අතුරුදන් වුණා. පුංචි කුමාරවරුන්ගේ පසින් මැරලය දෙනෙක් හඹාගෙන ආවා. එයාව බේරගන්න සිද්ධ වුණේ විශිස්, බිවර් ඇතුළු අපේ බේකර් විදියේ විරයෝ ටික දෙනාටයි. මොකද ලොක් හෝමිස් මහත්තයා ලන්ඩන් නුවරින් පිට ගිහින්. එයා කොහේ ගිහිල්ල ද? අතුරුදන් වෙන්නෙ මහාරාජාට මොකද වුණේ ? එතකොට රංජිපුරේ රතු මැණික කාගේ ළඟ ද ? මිකට මොරියාටි සමිබන්ධ වුණේ කොහොමද?


සුප්‍රකට රහස්පරික්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී සර් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලීයැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරු වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 221B දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුප්‍රකට ලිපිනයක් බවට පත්ව තිබේ.

Baker Street Irregulars යනුවෙන් ලොක් හෝම්ස් විටෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් කැල ගැන මුල්ම ෂර්ලොක් හෝම්ස් කතාවේත් තවත් කතා තුනකත් සඳහන් තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගිස් හට පමණකි. සෙසු යෞවනයන් මේ කෘතියේ කතුවරයා වූ ඇතනි ඊඩ් විසින් ඔහුගේ රූපවාහිනී කතා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයෝ වෙති.

ඇන්තනි ර්ඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියැවුණු The Case of the Disappearing Detective නම් කෘතියේ රහස් පරීක්ෂකයා අතුරුදන්නමින් පළ වූ සිංහල පරිවර්තනය ඔබ දැනටමත් කියවා ඇති බැව් නිසැක ය. ඔබ මේ දැන් කියවන්නට සුදානම් වන්නේ එම කථා මාලාවේ දෙවැන්න වූ The Case of the Ranipur Ruby නම් කෘතියේ සිංහල පරිවර්දනයයි.

මේ කථා මෙසේ සිංහලට නැගෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කථාවල පරිවන ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.

ISBN
9789551191153
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රක්ත මාණික්‍යයේ අභිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.