Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රන් පතලක සැඟවුණු කතාව

රන් පතලක සැඟවුණු කතාව

About this book
මෙම කතාව ඇරඹෙන්නේ ලෝකයට රත්‍රන් පහළවූ අන්දම ගැන කීමෙන්ය.එහෙත් රත්‍රන් පිටට දෙන්නේ කිසිම කැමැත්තකින් නොවේ.එහෙයින් රත්‍රන් සොයන අයට එය පොළවෙන් උදුරා ගත යුත්තේ චාටුවෙන් සහ බලහත්කාරයෙන්ය.රන් පතල්වල වැඩ කරන අයද බොහෝ ඉවසිලිවන්ත සහ ධෛර්යය සම්පන්න අය විය යුුතුයි.නැතහොත් පොළවෙන් රත්‍රන් ලබා ගැනීමට නොහැකිය. මෙම කතාවෙහි කියැවෙන පරිදි ලොව වැඩියෙන්ම රත්‍රන් හමුවන දකුණු අප්‍රිකාවෙහි ඇති මෙම රන් පතල හැඳින්වෙන්නේ සොන්ඩර් ඩිච් යනුවෙනි.දිනපතා මිනිසුන් 12000 ක් පමණ පොළව යටට වී රත්‍රන් සෙවීමේ කරතව්‍යයේ යෙදී සිටිති.ඔවුන්ගේ නායකයා වන්නේ එම පතලේ කළමනාකරු රොඩ්නි අයන්සයිඩ් ය.කතාව ගෙතී ඇත්තේ ඔහු වටාය.ඔහුගේ රාජකාරී ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේද බොහෝ රසවත් තැන්වලින් මෙම නවකතාව පිරී ඇත.සුප්‍රකට 'ගිනිකුරුල්ලා' නවකතාව ලියූ දකුණු අප්‍රිකානු ලේඛක විල්බර් ස්මිත්ගේ මෙම කතාවද ඉතා ජනප්‍රිය වූවකි.එය කොතරම් ජනප්‍රිය වූවාදැයි කියතහොත් මෙම නවකතාව ආශ්‍රයෙන් GOLD නමින් චිත්‍රපටියක් ද නිපදවා ඇත.අන්තර්පාල පහසුකම් ඇති අපගේ පාඨකයින්ට ද දැන් එම චිත්‍රපටිය අන්තර්ජාලය හරහා නැරඹිය හැකියි.
ISBN
9789556913514
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රන් පතලක සැඟවුණු කතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.