කොඳුරන සුළඟ
බැංකුවක්, තම කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සිය කාර්යක්‍ෂම සේවාව වෙනුවෙන් වසරකට වරක් පිරිනමන සම්මාන, ශාඛාකළමනාකාර රොගර් මර්ගට්‍රොයිඩ්ට හා තරුණ ජෝන් හිගින්ස්ට එම වසරේ හිමි වේ. ඔවුනට හිමි වූයේ මුරුසියේ වෙරළාසන්න හෝටලයක සතියක නිවාඩුවකි. මේ නිවාඩුව ගතකිරීමට මර්ගට්‍රොයිඩ් මහත්මිය ද එක් වෙයි. වසර විස්සකට පෙර විවාහ වූ මර්ගට්‍රොයිඩ්ගේ බිරිඳ වූ එඩ්නා කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන්නියකි. මර්ගට්‍රොයිඩ් වෙරළේ හිඳගෙන සිටින අතර එඩ්නා කළේ ඇය ගෙන ආ නවකතා පොත් කියවීමයි. ඔහු කළේ ඔහුගේ බිරිඳ කී දේය. එහෙත් අවසාන දිනයේ සිදුවන්නේ කුමක්ද?
තිමොති හැන්සන් ධනවතෙකු වුවද පිළිකා රෝගයෙන් පෙලෙන්නෙකි. ඔහුගේ එකම ඥාතියා වූ සොහොයුරිය හා ඇයගේ පවුලේ අයට ඔහුගේ කැමැත්තක් නොවීය. ඔහු තම අන්තිම කැමැත්ත සොහොයුරියට ලියා දිවි නසා ගනී තම අන්තිම කැමැත්තක්‍රියාත්මක කිරීමේ බලධාරියා වූ නීතිඥයා තිමොති හැන්සන්ගේ අන්තිම කැමති පත්‍රයේ කොන්දේසි කියවා ඒවා ඉටුකොට අවසන්වන විට ඔහුගේ එකම ඥාතිවරිය වූ සොහොයුරියට දේපලින් හිමිව තිබුණේ කුමක්ද?
හමුදාවේ පෙර ගමන් ඔත්තුකරුවකු වන බෙන් ක්‍රේග්, ෂයියන් වාර්ගික ලාබාල තරුණියක් දුෂණය වීමෙන් හා මරණයෙන් බේරාගෙන මුදාහරියි. පසුව ඔහු එම තරුණිය හා පෙමින් වෙළේ ඔවුන් හමුදාවෙන් ගැලවී පළා ගිය ද, ඇය වෙනත් අයකු සමග විවාහයට යෝජිත නිසා ඇයගේ ගෝත්‍රික නායකයන් ඔවුන්ගේ එක්වීමට විරුද්ධ වූ හෙයින් ඔවුහු වෙන් වෙති.
පසුව මෙම තරුණයාට වනාන්තරයේ දී අතිශයින් අද්භූත ජනක සිදුවීම්වලට මුහුණ වීමට සිදුවෙයි. ඔහුගේ ඉරණම කෙසේ විසඳේද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.