රන් පුතුට මගේ නම
කෙටි කතාව වූ කලී ගැඹුරු ළිඳක් වගේ යැයි පිළිගැනේ. කෙටි කතාවයි කවියයි නිවුන් “සහෝදරයින් සේ '' යි සැලකෙයි. පටු සීමාවක් තුළ ගැඹුරින් ජීවිතය ස්පර්ශ කිරීම කෙටි කතාවේ අරමුණ වන අතර, ඉතා සියුම් විදියට ජීවිතය තේරීම හා හුදෙක් සියුම් බවම එහි මූලික ලක්ෂණය විය යුතු බව පිළිගැනේ. කෙටියෙන් කී පමණින් ම කෙටි කතාවක් නොවන බවත්, එක් ප්‍රධාන සිදුවීමක් වටා කෙටි කථාව ලිවිය යුතු බවත්, නව කතාව ප්‍රධාන සිදුවීම් කිහිපයක් වටා ගෙතුනක් බවත් සම්මතයක් තිබේ. කෙටිකතාව වැඩි සමීපතාවක් පෙන්නුම් කරන්නේ නවකතාවට නොව කවියට බවත්, අන් සියලු නිර්මාණවල පැවතිය යුතු සියලු ලක්ෂණ වන භාෂාවේ නිවැරද්‍යතාව, ව්‍යාකරණයෙහි නිරවද්‍යතාව, සංකේත භාවිතය, ප්‍රබල වූ පණිවිඩයක් සන්නිවේදනය කිරීම ආදිය කෙටි කතාව තුළ ද අනවරතයෙන් පැවතිය යුතුය. යන්න පොදු සම්මතයයි.
හිටපු විදුහල්පතිනියක හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක වූ ඥානවතී එදිරිමුණි ගත් කතුවරිය විසින් රැසැයුණු “රන් පුතුට මගේ නම” නැමැති කෙටි කතා සංග්‍රහය වූ කලී පෙරකී සර්ව ලක්ෂණයන්ගෙන් බොහොමයක් නියෝජනය කෙරෙන සාර්ථක සාහිත්‍ය කෘතියක් සේ නිර්ලෝභීව අගය කළ හැකිය. මෙහි භාෂාව අතින් ගත් කල කෙටි කතාවකට උචිත සරල සුගම සුඛ නම්‍ය බස් වහරක් දිස් වෙයි. අධ්‍යාපන
ක්ෂේත්‍රයේ බොහෝ කලක් ලැබූ හෘදය සංවේදී අනුභූතීන්වල ජීවිත පරිඥානය මේ සෑම කෙටි කථාවක් තුළම විද්‍යමාන වේ. කෙටි කතාවක ආකෘතිකමය හැඩය වෙසෙසින් හඳුනා ගනු රිසි ප්‍රවීණ - හා නවීන සැමට මනදොළ සපිරීමට සමත් හෙළ සාහිත කෙතට නව රන් බිජු වපුරා රන් අස්වනු නෙළුමට “රන් පුතුට මගේ නම " කෙටි කතා සංග්‍රහය නොසිඳී ගළා බස්නා අධෘත ධාරාවක් වේවායි අපිදු සුබාසි පතම්හ.
ජ්‍යේෂ්ඨ මහාචාර්ය
ජී.ඒ.ගාමිණී රත්න ශ්‍රී
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.