රට හෙල්ලූ නඩු
දැනට වසර හැටකට පමණ ඉහත දී රට තුළ සිදුවූ අති භීෂණකාරී සංවිධානාත්මක මිනීමැරුම් කිහිපයක් පිළිබඳ ලිපි පෙළක් මේ කර්තෘ විසින් 1960 මුල් භාගයේ ‘රිවිරැස’ පත්‍රයේ පළකරවන ලදි. එම ලිපි මඟින් විස්තර කෙරුණු භයානක අපරාධ අතුරෙන් කිහිපයක් පිළිබඳ නඩු විභාග විස්තර මේ පොතට ඇතුළත් වේ.
එම ලිපිපෙළ රචනා කළ මේ පොත එළිදක්වන කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘත්තියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභියෙකි. මේ ලිපිපෙළ සකස් කිරීමේදී ඔහුට අධිකරණයේ විභාග වූ නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගීකොට ගැනීමට අවස්ථාව ලැබී ඇත.
මේ ලිපි පෙළ 1960 දශකය තුළත්, ඉන් පසුවත් පාඨක ජනයා මහත් ආශාවෙන් සහ රුචිකත්වයෙන් කියවා දැනුවත් විය. මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘත්තිකයින්ටද අතිශයින් වැදගත් වේ. ඒ අදහස පෙරදැරි කොට ගනිමින් සියළු පාඨක ජනයාට මහත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් ලෙස මේ පොත ඔබ වෙත පිරිනැමේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.