Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / රට හෙල්ලූ නඩු
About this book

දැනට වසර හැටකට පමණ ඉහත දී රට තුළ සිදුවූ අති භීෂණකාරී සංවිධානාත්මක මිනීමැරුම් කිහිපයක් පිළිබඳ ලිපි පෙළක් මේ කර්තෘ විසින් 1960 මුල් භාගයේ ‘රිවිරැස’ පත්‍රයේ පළකරවන ලදි. එම ලිපි මඟින් විස්තර කෙරුණු භයානක අපරාධ අතුරෙන් කිහිපයක් පිළිබඳ නඩු විභාග විස්තර මේ පොතට ඇතුළත් වේ.

එම ලිපිපෙළ රචනා කළ මේ පොත එළිදක්වන කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘත්තියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභියෙකි. මේ ලිපිපෙළ සකස් කිරීමේදී ඔහුට අධිකරණයේ විභාග වූ නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගීකොට ගැනීමට අවස්ථාව ලැබී ඇත.

මේ ලිපි පෙළ 1960 දශකය තුළත්, ඉන් පසුවත් පාඨක ජනයා මහත් ආශාවෙන් සහ රුචිකත්වයෙන් කියවා දැනුවත් විය. මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘත්තිකයින්ටද අතිශයින් වැදගත් වේ. ඒ අදහස පෙරදැරි කොට ගනිමින් සියළු පාඨක ජනයාට මහත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් ලෙස මේ පොත ඔබ වෙත පිරිනැමේ.

ISBN
9789556772869
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රට හෙල්ලූ නඩු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.