Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

රටඹෑකන්ද

ප්‍රකාශක (Publisher): Storyflix
About this book

හුඟක් වෙලාවට යන එන මග දිගේ මුතුකැට දිලිසෙයි. අහුලගන්න දිව්ව දාට තේරුම් යාවි ඒ පිනිකැට යට සර්පයො පිරිලා කියලා. ලස්සන මල් මවපු දෙයි යොම මලට ළඟින් විෂ කටු මවලා. ඒක වැරදියි තමයි. ඒත් මගතොටේ වෙන අවනඩු අහන්න උසාවියක් නෑ. හැබැයි එකක්, සොබාදහම හරි වෙලාවට, හරි - වැරදි හොයලා දඬුවම් දෙනවා. එදාට නඩුකාර උන්නාසෙලටත් හිරේ යන්න වෙනවා; දොස්තරලට හොයා ගන්න බැරි ලෙඩ හැදෙනවා; ගුරුවරුන්ට කවදාවත් ඉගෙන ගත්තෙ නැති පාඩම් ඉගෙන ගන්න ලැබෙනවා; හාමුදුරුවරු සාතන්ට බාර දෙනවා; ෆාදර්ලා අපායෙ යනවා; ඒ නිසා අපායෙ නොයන්න පිං කරන එවුං වෙසක් පෝයට අපාය බලන්ඩ ටිකට් අරං පන්සල් නොගිහින්. හාමුදුරුවෝ පන්සල්වල ඇතුළුවෙන තැන ඩ්‍රෙස් කෝඩ් ගහලා. පටාචාරලා කිසාගෝතමීලා හැම තැනම, පිහිට වෙන්ඩ කෙනෙක් හොයනවා. විශාඛලා නොදැක්කා වගේ යනවා. නොමළ ගේකින් අබ ගේන්නත් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. ඒත් දරුවො දාස් ගනං මැරෙනවා තවම. නොකිව්වයි කියන්න එපා. ඒ නිසා අපිටත් පරිස්සමට අඩිය තියන්නම වෙනවා. තිදස පුරය හීනෙන් දැක්කට පෝලිමේ ඉන්නවා, තාම අපිට තියෙන්නෙ ගඳ ගහන වීදි. රජෙක් හදන්න දර දිය ඇදපු පින් බලෙන් හම්බුණ බාර් ලයිසන් එකෙන් මිනිස්සුන්ට පිහිටවෙන උපාසක මහත්තුරු විතරයි අලුතෙන් පහල වෙන්නෙ. ඒ නිසා එන්න අපි රටඹැකන්දට නගිමු.

දහස් ගණන් ආදරවන්තයො වෙන් වුණ රොබරෝසිය පෙති අස්සෙ අපි නවතිමු.

මහදැල්ල වත්තට යන සීටීබී එකෙන් බැහැලා අපි ඔහේ ඇවිදිමු.

ඔයාට බෝවිටියා, දං, පලුකං වාරෙට ඒ පඳුරු උඩින් පියාඹන බට්ටිච්චො වගේ පියාඹන්න හිතේවි.

මේ කතාවෙ හැම අස්සක් මුල්ලක්ම හුස්ම ගන්නවා.

එහෙමනං කියවන්න...

ISBN
9786246266653
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රටඹෑකන්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.