Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / රාත්‍රී අහස ගවේෂණය කරමු
About this book

ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන වෛද්‍ය කරුණාසිරි ද සිල්වා මහතා මා කුඩා කාලයේ සිටම හොඳින් දන්නා මහත්මයෙකි. පාසල් මිතුරෙකි. ඉතා කිට්ටු ඥාතිත්වයක් තිබුණ ද, මිතුරෙකු ලෙසින් හඳුන්වා දීමට කැමැත්තෙමි. ඒ අපගේ මිත්‍රත්වය වසර පනහකට වඩා අධික එකක් වීමයි. වෘත්තියෙන් එතුමා වෛද්‍යවරයෙකු වුව ද, එයට අමතරව ඔහු පරිසර වේදියෙකි, ආධුනික තාරකා විද්‍යාඥයෙකි, චිත්‍ර ශිල්පියෙකි, ලේඛකයෙකි, මානව හිතවාදියෙකි, දර්ශනවාදියෙකි. මේ මා හඳුනාගත් ඔහුගේ ගුණාංග කිහිපයක් පමණි.

පාසල් නිවාඩුවක් ලද වහාම ඔහුගේ නිවස අසලම ඇති මාගේ ඥාති නිවසකට යාම මම පුරුද්දක් කරගෙන සිටියෙමි. එවිට වැඩි කාලයක් ගතවන්නේ ඔහුගේ නිවසෙහි ඔහු සමගයි. විද්‍යා ශිෂ්‍යයකු ලෙස ඔහු කරනා ක්‍රියාකාරකම්, පරීක්ෂණ, ප්‍රායෝගික ක්‍රියා දෙස බලා සිටීමෙන් හා අනුකරණය කිරීමෙන් මම මහත් ආශ්වාදයක් හා දැනුමක් ලබා ගත්තෙමි. තාරකා, ග්‍රහලෝක ආදිය ගැන අපගේ කුතුහලයත් හා උනන්දුවක් තිබුණ අතර ඒ හා සම්බන්ධ පොත්පත්, සඟරා කියවීමටත්, ඒවායේ සඳහන් උපකරණ සාදා ඒවා ඇසුරින් අහස නිරීක්ෂණය කිරීමටත් අපි උත්සුක වූයෙමු. අප විසින් සාදාගන්නා ලද තලමිතික උපකරණයක් මඟින් තාරකා සිතියම් ඇන්ද සැටිත්, උත්තල කාච දෙකක් කාඩ්බෝර්ඩ් බම්බුවකට සවිකර දුරේක්ෂයක් සාදා ග්‍රහලෝක නැරඹූ සැටිත් මට අද වාගේ මතක තිබේ. 1960 දශකයේ පෑයූ කොහුටෙක් නම් වූ ධූමකේතුව නිරීක්ෂණය කිරීම පිණිස අලුයම් යාමයේ විදුලි පන්දම් අතැතිව ගැස්ටන් කඳුමුදුනට නැගගත් සැටි මට අද වාගේ මතක තිබේ. මේ ක්‍රියාකාරකම් මෙතුමා දිගටම ප්‍රගුණ කලත් කාලයත් සමග ගුරුවරයෙක් ලෙස තිබූ රාජකාරි බහුලත්වය නිසාම අඛණ්ඩව නියැලීමට මට අපහසු විය.

ඔහුගේ අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පොත හඳුන්වා දිය හැකිය. සරල බසින් ලියා ඇති බැවින් ආධුනිකයෙකුට වුව ද, රාත්‍රී අහස පිළිබඳව හොඳ දැනුමක් මෙය කියවීමෙන් ලබා ගත හැකිවන බව මාගේ විශ්වාසයයි. අනන්ත අප්‍රමාණ විශ්වයේ සැරිසරමින් එහි රහස් ගවේෂණය කරන අයට මෙය පහන් වැටක් වේවා!

කේ. විමලසේන
නියෝජ්‍ය විදුහල්පති (විශ්‍රාමික)
මහින්ද විද්‍යාලය
ගාල්ල.

ISBN
9789557114606
පිටු ගණන (Pages)
35
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාත්‍රී අහස ගවේෂණය කරමු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.