Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රතුම රතු ඩේලියා

රතුම රතු ඩේලියා

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

"අපරාදෙ අපි මහන්සි වෙලා ඉගෙන ගන්තෙ ..... 
"අපිටත් තිබුණේ.........” 
"බී.බී.ල වෙන්ට.”  
ඔවුන් තිදෙනාම එක්වරම කීවේ මහ හඬින් සිනාසෙමිනි. නමුත් ඒ සිනාවට යටින් තවත් හැගීමක් විය. ඒ ඊර්ෂ්‍යාවද, පසුතැවිල්ලද, කුහකකමද යන්න ඔවුන්ට වැටහීමක් නොවීය. 
- ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම  -                                                                                                        

"මානෙල් .මොකද මෙහෙ කරන්නෙ?"
"මෙහෙ කරන්නෙ මොකද අහන්නෙ... මම වර්ක් කරන්නෙ මෙහෙනෙ. ... ඉංග්ලිශ් යුනිට් එකේ.''

කවදා ඉඳලද?" ඔහු ඇසුවේ මා කී දෙය විශ්වාස නොකරන්නාක් මෙනි.
"අවුට් වුණ දවසෙ ඉඳලා. .... අපිට ඔය පොලිටීෂන්ස්ල පස්සෙ යන්ට ඕනෑ වුණේ නැහැනෙ.” මා හිතාමතාම කීවේ ඔහුට රිදවීමටය. ඔහු සතොසෙහි රැකියාව ලබා ගත්තේ ඉලංගරත්න මහතා පසුපස යාමෙන් බව ප්‍රසිද්ධ රහසක් විය. නමුත් ඔහුගේ ගනකම හමට ඵ් ඇනුම්පදය නොදැනුණි.
- හරිද වැරදිද-

මට ඒ ඩේලියා පැලේ ඕනැ වුණේ ඵ් මල දැක්කම මට අපි පවුලක් විදිහට සතුටින් හිටිය කියල මතක් වෙන හින්දා. ඒක මට තේරුණේ මල දැක්කට පස්සෙ.”
- රතුම රතු ඩේලියා -                                 

"එහෙනම් කොහොමද? පිස්සු නටන්ට හදන්ට එපා චිත්ති. උඹට කවදාවත් ගැමුණු තරම් හොඳ කොල්ලෙක් හොයා ගන්ට හම්බු වෙන්නැ. මිනිහට ෆස්ට් ක්ලාස් එකක් ෂුවර්. ඊළඟට ලෙක්වරර්. අවුරුදු දෙක තුනකට පස්සේ P.H.D. එක කරන්ට ඉන්ග්ලන්ඩ්.
- පෑනේ මිතුරා -

ඔහු හිස පහත් කළේය. මාලතී ඇඟිලි තුඩින් ඔහුගේ කෙස් ඈත් මෑත් කරමින් හිස පිරික්සුවාය. ඔහු වෙනුවෙන් තම හදවතේ පිරී ඇති සෙනෙහස, තම ඇඟිලි තුඩින් ගලා විත් ඔහුගේ හිතට ඇතුළු නොවන්නේ මන්දැයි ඈ කල්පනා කළාය. මේ පොකුටු හිස තම ළයට තුරුල් කර ගැනීමට නම් ඇයට කිසිදා ඉඩ නොලැබෙනු ඇත. ඇයට දිගු සුසුමක් හෙලිණි. 
"ඇයි මාලතී?"
- මුණිවත හොඳයි -

 

 

 

 

ISBN
9789553128119
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රතුම රතු ඩේලියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.