Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / මිහිරංගි සහ මදුරංගි

මිහිරංගි සහ මදුරංගි

ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

මිහිරංගි සහ මධුරංගි, මානෙල් ඊරියගම මහත්මියගේ තෙවැනි යොවුන් නවකතාවයි. බොහෝ සිංහල යොවුන් නවකතා වීර කතා මාදිලියට අයත් වුව ද ඊරියගම මහත්මියගේ විශේෂත්වය වන්නේ යොවුන් වයසේ පසුවන මෙරට දරුවන් හට බලපාන ප්‍රායෝගික කාරණා ද, ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරය ද සිය නිර්මාණ සඳහා විෂය කර ගැනීම ය. 

නිවුන් දැරියන් දෙදෙනකු වටා ගෙතුණු මිහිරංගි සහ මධුරංගි යොවුන් නවකතාව වර්තමාන තරඟකාරී අධ්‍යාපන ක්‍රමයෙන් බිහි කෙරෙන පුරවැසියාගේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්න කරන්නකි. අධ්‍යාපනය යනු හුදෙක් ආර්ථික සාර්ථකත්වය අරමුණු කර ගත්තක් ම නොව අර්ථවත් ජීවිතයක් සඳහා ළමුන් සූදානම් කරන ක්‍රියාවලියක් ද වේ. එසේ ම අධ්‍යාපනය ලැබීම යනු පාසලේ දී පමණක් සිදුවන්නක් නොවේ. එහෙත් වර්තමාන අධ්‍යාපනයෙන් බිහි වෙමින් පවතින්නේ සිය සමීපතමයන් හා වටපිටාව පවා නොහඳුනන, රසඥතාවෙන් තොර, ‘මධුරංගිලා’ පිරිසකි. බොහෝ විට පවුලේ වැඩිහිටියන්ගෙන් ළමුන්ට අනුබල ලැබෙන්නේ ද, වඩා ඉක්මනින්ආර්ථික සමෘද්ධිමත් භාවය ළඟා කර ගත හැකි විෂයයන් හැදෑරීමට හා කෙසේ හෝ විභාග සමත් වීමට ය. සෞන්දර්යාත්මක කුසලතා වැඩෙන විෂයයන් හා මානව ශාස්ත්‍ර විෂයයන් උගන්නේ වැඩ බැරි ළමුන් බවට ආකල්පයක් සමාජයෙහි පැතිර තිබේ. 

සිය නිවුන් සහෝදරිය ජනප්‍රිය පාසල් සිහිනය හා රැයක් දවාලක් නොමැති අතිරේක පන්ති රැල්ල පසුපස හඹා යද්දී, මිහිරංගි නම් වූ අනෙක් දැරිය නගරයෙන් බැහැර පාසලක සැනසිලිදායක ලෙස ඉගෙන ගනිමින් ද, සෑම අත්දැකීමකින් ම කිසියම් අධ්‍යාපනයක් ලබමින් ද සිය පෞරුෂය වර්ධනය කර ගනිමින් ද කුසලතා පූර්ණ ලෝක පුරවැසියකු බවට පත්වන ආකාරය මෙම යොවුන් නවකතාවෙන් නිරූපණය වන්නේ සිත් බඳනා ආකාරයට ය. සමබර ගති පැවතුම් ඇති අයෙකු නිර්මාණය කිරිමට මානව ශාස්ත්‍ර විෂයයන් සමත් වන්නේ කෙසේ ද යන්න මෙයින් මනාව නිරූපණය කර තිබේ. වෙහෙසකින් තොරව කෘතිය කියවීම සඳහා ඇයගේ සරල හා නිරවුල් භාෂා ව්‍යවහාරය ඉවහල්ව ඇති බව ද සඳහන් කිරීම වටී. එසේ ම, කතාවේ සමස්ත ඒකාබද්ධතාව රැකෙන පරිදි සිද්ධි ගළපා ඇති ආකාරය ද අගය කළ යුතුය.

මිහිරංගිලා වැනි පුරවැසියන් බිහි කිරිම අත්‍යවශ්‍යව පවතින අවධියක, අපගේ පාසල් සිසුන් මෙන් ම දෙමව්පියන් ද මෙම යොවුන් නවකතාව කියවිය යුතු බව සඳහන් කරනු කැමැත්තෙමි.

 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමුදු නිරාගී සෙනෙවිරත්න 

සිංහල අධ්‍යයනාංශය, 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ISBN
9789556564600
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිහිරංගි සහ මදුරංගි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.