Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ඉලුක් ගේ හැඩ කරපු රතු ම රතු කිකිළී

ඉලුක් ගේ හැඩ කරපු රතු ම රතු කිකිළී

About this book

මම ද කවියෙකු වීමේ ආශාවෙන් පෙළුණු, එහෙත් ඒ සඳහා දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වූ අයෙක් වෙමි. ධම්ම දිසානායකගේ කවි කියවන විට මගේ ප්‍රයත්නය අසාර්ථක වූයේ මන්දැයි මට හොඳින් පැහැදිලි විය. එනම් තමන්ගේ ආනුභූතික ලෝකය සමඟ හැඟීම්බර ලෙස සම්බන්ධ වීමේ නැඹුරුවයි. ධම්ම තුළ ඒ නැඹුරුව කොහොමත් තිබෙන බව ඔහුගේ දිගු කාලීන මිතුරෙකු ලෙස මම දනිමි. ඔහුගේ 

කවි කියවන විට මේ හැඟීම්බර මේ වීම කවියෙකු වීම සඳහා කොයිතරම් වැදගත් ද යන්න හොඳින් පැහැදිලි වේ. කවිය යනු "හද බසයි” යන ගුණදාස අමරසේකරගේ ප්‍රවාදය මෙහි දී මගේ මතකයට නැඟේ. ධම්මගේ කවි ඒ සඳහා කදිම නිදර්ශනයකි...

නිර්මාල් රංජිත් දේවසිරි

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය.

 

නව පොදු ජන කවියෙහි ගැබ් වූයේ විවිධත්වයේ වර්ණාවලියයි. ධම්ම දිසානායක සිය වෘත්තීය සීමාවෙන් නික්ම ලාංකේය සමාජ දේශපාලන කතිකාවට සම්බන්ධ න්‍යායික කරුණු පොදු ජන අවකාශයට මුදා හැරීමට ප්‍රෝත්සාහී වන සමාජ ක්‍රියාධරයෙකි. ඔහුගේ න්‍යායික විග්‍රහ සේ ම කාව්‍යමය පරිකල්පනය ද සිත් ඇද ගනී. සුපුරුදු ඒකාකාරී මාර්ගයෙන් පිටමං ව නව ඇසකින් ලෝකාවලෝකනයකට අපට කරන ඇරයුම මේ කාව්‍ය සංග්‍රහයෙන් ප්‍රතිරාව නැංවෙයි...

ජයන්ත අමරසිංහ

රුහුණු විශ්වවිද්‍යාලයේ

ISBN
9789553133656
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉලුක් ගේ හැඩ කරපු රතු ම රතු කිකිළී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.