Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රතුවේවි මිහිමඬල

රතුවේවි මිහිමඬල

About this book

මේ මහ පොළොව විශ්වයේ කැරකී එන යම් පෘථිවි වස්තුවක් සමඟ ගැටීමෙන් විනාශ වී යනතෙක්, එය හටගත් වසර බිලියන 4.7කට පමණ පෙර කාලය තුල ගෙවී ගිය ඉතිහාසය නවතින්නේ හෝ අවසන් වන්නේ නැත. කාලය ගෙවී යද්දී යුගයෙන් යුගය ශිෂ්ටාචාරයන් බිහිවී, වෙනස් වී අභාවයට පත් වූ ඉතිහාසය තවමත් ගමනේ ය.

මේ යුගයේ ලෝක ශිෂ්ටාචාරයේ විකාශනය මේ අවධිය තුළ ලෝකය රතු වන්නේ යයි අප දකින්නේ, පසුගිය වසර 70ක පමණ කාලයක් ලෝකයේ ඊළඟ පෙළගැස්ම ගැන අප ලැබූ අත්දැකීම් ඇසුරින් ය. නමුත් සරල රේඛාවක් දිගේ යැවෙන ගමනක් නොව සිටිටනයේ ගතිකයන් කරණ කොටගෙන සිදුවන ගමනකි. මහා සාගරයේ දිය බිඳක් බඳු, අපගේ එම ජීවන අත්දැකීම් බිඳක් මේ කෘතිය තුළින් හසුකරගැනීමට වීර්යය කර ඇත.

පුද්ගලික ධනබලය සාන්ද්‍රණය වෙමින් ලෝක ජනතාව අනාථ වෙද්දී ධනය බෙදීයාමේ අවශ්‍යතාව ඉතිහාසය විසින් නෙරපද්දී එය ඉටුකරලීමට සංවිධානාත්මක ජන බලවේග පෙළගැසේ.

මේ මොහොතේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සහ ඊශ්‍රායාලයේ නායකයා ඉරානයට එරෙහි යුද්ධයේ දී ලෝකයාගෙන් තනිවෙමින් ඇත.

එක් එක් රටෙහි නිදහස උදෙසා ජනතාවගේ අභිලාෂය තවත් රටක වගකීම නොවන්නේ ය. නිදහසේ අභිලාෂය තරම් බලවත් අවියක් ලෝකයේ ම නැත. එනිසාම නිදහසේ ජීවත් වූ මනුෂ්‍ය වර්ගයා, නැවත සාමූහික නිදහස් ජීවන රටාව කරා වඩා ඉහළ තලයකින් සම්ප්‍රාප්ත වනු ඇතැයි, මාක්ස් වැනි මහා ප්‍රාඥයින් දක්වා ඇත.

ඒ කුමක් නිසා දැයි ද ඔහු විග්‍රහ කර පෙන්වා ඇත. මිහි මඬල රතු වන්නේ යැයි අප පවසන්නේ එබැවිනි.

ISBN
9786246881269
පිටු ගණන (Pages)
122
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රතුවේවි මිහිමඬල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.