රවිඳුගේ සිහිනය
ජීවිතයේ සැබෑව ඔබේ පය පාමුල තබාගෙන දෑස් වසාගෙන නොසිටින්න. අපි, අප අවට ජීවත්වන්නන් ගේ සැබෑ ජීවිත සමඟ එක් වී ලෝකය ගැන උගනිමු. එකිනෙකාට උදව් කිරීමට උගනිමු. අපේ ජීවිතවලට ශක්තියක් එක් කර ගනිමු.
අඩුපාඩුකම් නැතිව ඉතා සතුටින් පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ සිටිති. ඒ අතර බොහෝ අඩුපාඩුකම් ඇතිව ඉතා දුක සේ පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ ද වෙති. මේ සියලු දරුවන් තුළ උනන්දුව, උත්සාහය සහ ගැටලු විසඳාගැනීමේ ශක්තිය ද හෙමිහිට වැඩෙන්නේ නම්, පාසල් අධ්‍යාපනය නිමවා පාසැලෙන් සමුගන්නා දරුවා පාසල ඉතා අගේ ඇති අධ්‍යාපනයක් තමන්ට දුන් බව තුටු පහටු සිතින් සිහි කරනු ඇත. ඒ ලැබූ ශක්තිය වෙනුවෙන් අකුරින් සටහන් වූ සහතිකයක් ඔවුනට උවමනා නැත.
රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභි කරුණා පෙරේරා ලියූ අලුත්ම යොවුන් නවකතාව - රවිඳුගේ සිහිනය නව යොවුන් මනසට අලුත් අදහස් මතු කරනු සුලුය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.