රවිඳුගේ සිහිනය

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
ravinduge-sihinaya-karuna-perera-sarasavi

ජීවිතයේ සැබෑව ඔබේ පය පාමුල තබාගෙන දෑස් වසාගෙන නොසිටින්න. අපි, අප අවට ජීවත්වන්නන් ගේ සැබෑ ජීවිත සමඟ එක් වී ලෝකය ගැන උගනිමු. එකිනෙකාට උදව් කිරීමට උගනිමු. අපේ ජීවිතවලට ශක්තියක් එක් කර ගනිමු.

අඩුපාඩුකම් නැතිව ඉතා සතුටින් පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ සිටිති. ඒ අතර බොහෝ අඩුපාඩුකම් ඇතිව ඉතා දුක සේ පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ ද වෙති. මේ සියලු දරුවන් තුළ උනන්දුව, උත්සාහය සහ ගැටලු විසඳාගැනීමේ ශක්තිය ද හෙමිහිට වැඩෙන්නේ නම්, පාසල් අධ්‍යාපනය නිමවා පාසැලෙන් සමුගන්නා දරුවා පාසල ඉතා අගේ ඇති අධ්‍යාපනයක් තමන්ට දුන් බව තුටු පහටු සිතින් සිහි කරනු ඇත. ඒ ලැබූ ශක්තිය වෙනුවෙන් අකුරින් සටහන් වූ සහතිකයක් ඔවුනට උවමනා නැත.

රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභි කරුණා පෙරේරා ලියූ අලුත්ම යොවුන් නවකතාව - රවිඳුගේ සිහිනය නව යොවුන් මනසට අලුත් අදහස් මතු කරනු සුලුය.

Author කරුණා පෙරේරා - Karuna Perera (2)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789556716076
පිටු ගණන 127
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රවිඳුගේ සිහිනය
Back to Top