Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රිදෙන රිදවන කටු

රිදෙන රිදවන කටු

About this book
එදා අතැඟිලි බැඳුණු දවසෙ එයාගෙ නමටම පේ කරන්න හිටපු හැමදේම
වෛරයක සුළි සුළඟට හසු වෙලා සීසීකඩ විසිරිලා ගියත් අද ඒ වෛරයෙ
සුළංවලටම මම නිරාවරණය වුණේ කැමැත්තෙන්ම සන්තකේටම අතින්
අත්හැරෙන්න ඉඩ දෙමින්. අද හැමදේම එයා අතින් අහිමි වෙන එකත් මට
දැනුණෙ ලොකුම සැනසීම ගාණට, සළු මිදිලා ගියේ මුළු ගතම රිදවමින්.
පාලනය කරගන්න බැරි ඉසව්වක අර්ථ රැඳුණ බව වැටහෙද්දි ඒවාගෙන්
දුරස් වෙන එක පසෙකට දැම්ම මම සන්සුන් වුණේ
ඒ ස්පර්ශයන් හදවත අඩියම හාරාගෙන යන නිසා.
එයාට වෛරයක් විතරක්ම වුණාට
අර්ථ කියන්නෙ මගෙ ආදරය. මමම මගෙ අතින්
වළලලා දැම්මත් හදවත පුද දුන්න එකම
පිරිමි ආත්මය. මගේ සැමියා කියන එක
හදවතින්ම පිළිගත්ත නිසාම මම හිටියෙ
රිදුම් දෙන සංවේදනා අසල පවා
සැනසීම ගොඩනගමින්.

ගැහැනු හිත්... ඒවා හරිම පුදුමයි.
එදා පෝරුව උඩ ඒ අතැඟිලි අතරින් මුදුව
පැලඳෙද්දි ඒ මුදුව වැටුණෙ අතැඟිල්ලට නෙවෙයි
මගේ ආත්මයට. ඉතින් මම බැඳුණෙ ආත්මයෙන්ම.
අතාරින්න ඕනෙ බොහෝ ඉසව් පසු කළාට පස්සෙත්
අදත් ඒ ආත්මය මත්තෙම ඇදෙන්න හිතට
මේ තරමටම ඕනෙ ඒ නිසා වෙන්න ඇති.
 
 
 
ISBN
9786245558261
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රිදෙන රිදවන කටු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.