ඝෘතු - දෙව්මිණි ප්‍රකාශන
මාගේ අලුත් ව්‍යාපාරික හවුල්කරු එනතෙක් මා බලා උන්නේ පරිගනකය වෙත එබෙමින් හදිසි ඊමේල් පනිවුඩයකට පිලිතුරු සපයමිනි. එම වැඩෙහි එල්බගෙන උන්නා මිස අවට පිලිබද අවධානයක් මා සතු නොවුණි. යතුරු පුවරුව මත දුවමින් තිබූ ඇඟිලි තුඩු එකවරම නතර වූයේ නැහැපුඩු සිසාරා දැනුනු මිල අදික ෆෝර්ඩ් වර්ගයේ පිරිමි විලවුන් සුවඳටය. හෘද ස්පන්දනය වේගවත් වෙද්දී හිස ඔසවා බලන්නට උවමනා වුවත් අපොහොසත් උනෙමි.
එහෙත් තව දුරටත් දෑස් පිහාටු පරිගනකය මතම අලවා තබාගෙන ඉන්නට හැකියාවක් නොවෙද්දී මා ඇස් පියන් උස්සා බැලුවේ වෙවුලමිනි. හදවත බිතීයෙන් ඇලලබූ කාරනාව සත්‍යක් කරමින් ඔහු මා ඉදිරියේ බැබලි බැබලී උන්නේය. උන්ම්ම්තියක සේ ඔහු දෙසම බලා උන් මා උස්සා පොලවේ ගැසුවාක් මෙන් මේ ලොවට කඩා වැටුනේ ඇස් ඉදිරියේ දිගු වූ ඒ සුරත දුටු විටය.
"ම්.. මිසිස්”
ඔහු එපමණක් කියද්දි මා අසුනෙන් වහා නැගී උන්නෙමි.
"නෝ....මිස් ඉරුගල්බණ්ඩාර බණ්ඩාර.... සෘතු ඉරුගල්බණ්ඩාර"
මා වහා පවසද්දී ඒ කට කොනක වූයේ අමුතුම හිනාවකි. ඒ හිනාව මා පුච්චා අලුකර දමන්නට විය. හදවත පුපුරු ගහන්නට විය. මා දමා වෙනත් ගැහැනියක් හා ගිය මාගේ සැමියා ඉදුවර අධිකාරම්ගේ දෙස ඔහු මරාදමන්නට මෙන් කෝපයකින් මා බලා උන්නෙමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.