ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් - වෘකයාට කැප වූ හෝරාව 4
ළමා පාඨකයන් වෙනුවෙන් ලියැවුණ විසිතුරුත් වීර කතාවක් ලෙසින් රොබින් හුඩ් වෘත්තාන්තය ලොව පුරා ඇගයුමට ලක්වුවද එය තුළ ඉන් ඔබ්බට ගිය යමක් අන්තර්ගත වන බව නූතන විචාරකයන්ගේ මතයයි. එහෙයින් රොබින් හුඩ් වෘත්තාන්තය අද නැවත කියැවීමකට බඳුන්ව තිබේ. ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් වැනි ප්‍රවීණ සිනමාකරුවකු අතින් පවා රොබින් හුඩ් වෘත්තාන්තය නැවතත් සිනමා කෘතියක් ලෙසින් ප්‍රතිනිර්මාණ වී ඇත්තේ ඒ නිසාය. 'වෘකයාට කැපවූ හෝරාව' නමින් සිංහලට එක්වන්නේ එම කතා මාලාවේ අවසාන අදියරයි. රොබින් හුඩ් යනු නීති නාශක චෝරයකු, මංකොල්ලකරුවකු හෝ ආරාජිකවාදියකු නොව සමාජ විෂමතා පිටුදැකීම පිණිස සටන් කළ ජන වීරයෙකි. එංගලන්තයේ පමණක් නොව රුසියාව, චීනය වැනි රටවල පවා ප්‍රකට පොදු ජන වීරයෙකි. මෙය මෙරට පරිවර්තන සාහිත්‍යයට එකතු වූ සිහිවටනයක් වන්නේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.