Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රොබින්සන් කෲසෝ - ආශිර්වාද ප්‍රකාශන

රොබින්සන් කෲසෝ - ආශිර්වාද ප්‍රකාශන

About this book

සියවස් ගණනාවක් තිස්සේ ලොව පුරා ඉමහත් ජනාදරයට පත්, විශිෂ්ටතම ඉංග්‍රීසි නවකතාවක් වන රොබින්සන් කෲසෝ මුලින් ම ප්‍රකාශයට පත්වුයේ 1719 වර්ෂයේදී ය. මෙම කෘතිය පළමු ඉංග්‍රීසි නවකතාව ලෙස ද සැළකේ. එංගලන්තයේ යෝර්ක් නුවර උපත ලැබූ රොබින්සන් කෲසෝ මුහුදු ගමන් යාමට පෙළඹෙවෙන්නේ ඒ සදහා සිතේ තිබූ බලවත් ආශාව නිසාමය. වරක මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවන ඔහු මුහුදු ගමන් පුරා අතිශය ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙයි. තමන් ගමන් ගත් නැවේ සියල්ලන් මුහුදට බිලිවී, නැව මුහුදු බත් වන කල ශේෂ වන්නේ ඔහුගේ ජීවිතය පමණකි. වසර විසි අටක් පුරා අමෙරිකා මහද්වීපය අසල මුහුදේ, ඔරිනෝකෝ මුව දොර සමීපයේ දූපතක තනි වී හිඳින්නට ඔහුට සිදු වේ. මානවයා සතු අප්‍රතිහත ධෛර්යය ප්‍රදර්ශනය කරමින් ඔහු හුදෙකලාව ජයගනී. දෙසැත්තෑ වැනි විය දක්වා ලෝකය දකිමින්, බිහිසුණු බව ඉදිරියේ නොසැලී හිඳිමින් සැරිසරණ ඔහු තමා යන සෑම ප්‍රදේශයක ම මානව සබඳතා හා ජන ජීවිතය පිළිබඳ තතු ලොවට හෙළි කරයි.

ISBN
9789556970012
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රොබින්සන් කෲසෝ - ආශිර්වාද ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.