Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රූහි

රූහි

About this book

"තාත්ති බබාව දාලා යනවාද..?”

දුවගෙන ඇවිත් ධීරජ්ගේ ඉණ වටේ අත් යවලා බදාගත්ත රුහි එහෙම ඇහුවා. පහත්වෙලා බැලුවාත් රූහිගේ මූණ පේන්නේ නැති තරමට තමන්ගේ ඇස් බොඳවෙලා ගිහින් කියලා ධීරජ්ට එවෙලේ දැනුණා. ධීරජ හිමින් පහත්වෙලා ඒ පුංචි මූණ තමන්ගේ අත්දෙකෙන්ම අරගෙන ආදරෙන් ඉම්බා. ්‍

“මේ ලෝකේ එක දවසකට හරි මං නැති කරගන්නම බය ඔයාවයි ඔයාගේ අම්මිවයි මගේ පැටියෝ.. මොකද තාත්ති වැඩියෙන්ම ආදරේ කරන්නේ ඔය දෙන්නාට.. ඔයාටයි අම්මිටයි අද නැතත් කවදාහරි දවසක තාත්තිගේ හිතේ ඔය දෙන්නා වෙනුවෙන් තියෙන ආදරේ තේරුම් යයි.. එතකම් මගේ මැණික අම්මි එක්ක පරිස්සමෙන් ඉන්න ඕනේ.. ම්.. ගොඩාක් ආදරෙයි මං ඔයාට..”

ඒ වචන කටින් පිටවෙද්දී ඒ හා සමානව ධීරජ්ගේ ඇස්වල තිබුණ කඳුළු කම්මුල් දිගේ පහළට වැටුණා. ඒක දැක්ක රූහි එවෙලේම ධීරජ්ව තවත් තදින් බදාගෙන හේතුවක් නැතුව අඬන්න ගත්තා.

ISBN
9786245808182
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රූහි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.